Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Humanitarian Aid»යුද්ධයෙන් පීඩාවට පත් පලස්තීන වැසියන්​ වෙනුවෙන් එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් වෙතින් දැවැන්ත සහන ව්‍යාපාරයක්
Humanitarian Aid

යුද්ධයෙන් පීඩාවට පත් පලස්තීන වැසියන්​ වෙනුවෙන් එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් වෙතින් දැවැන්ත සහන ව්‍යාපාරයක්

Stanly KularathnaBy Stanly KularathnaOctober 17, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පසුගිය ඉරිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රෙඩ් ක්‍රෙසන්ට් අනුග්‍රහය යටතේ Tarahum for Gaza -“ගාසා සඳහා අනුකම්පාව” ප්‍රචාරක ආයාචනය​ට ප්‍රතිචාර වශයෙන් විශාල වශයෙන් පැමිණි ස්වේච්ඡා සේවකයන් විසින් සහන ද්‍රව්‍ය පාර්සල් 13,000 ක් අසුරා ඇති බව එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් නිවේදනය කළේය.

එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට්හි ප්‍රාදේශීය කටයුතු පිළිබඳ නියෝජ්‍ය මහලේකම් රෂීඩ් අල් මන්සූරි පැවසුවේ “ප්‍රචාරණයේ පළමු දිනයේ පාර්සල් 13,000 කට අධික ප්‍රමාණයක් සූදානම් කර ඇති අතර මෙම ක්‍රියාන්විත​ය ඉදිරි සති කිහිපයයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය පුරා පවත්වනු ඇති බවයි. එදින මෙම ක්‍රියාන්විත​ය පෙරවරු 9 ට ආරම්භ වූ අතර සවස 4 දක්වා අබුඩාබි වරාය ශාලාවේදී පැවතිණි.

උදෑසන සිට විවිධ ජාතීන්ට සහ වයස් කාණ්ඩවලට අයත් සිය ගණනක් ස්වේච්ඡා සේවකයන් අරමුදල් සහ සහන ද්‍රව්‍ය එක්රැස් කිරීම සඳහා මිනා සයීඩ්හි අබුඩාබි වරාය ශාලාව වෙත පැමිණ සිටියහ. පැමිණි සියලු දෙනාම සහන ව්‍යාපාරයට සහභාගී වීමට ඉඩ සැලසීම සඳහා ප්‍රචාරක අධීක්ෂකවරුන් ස්වේච්ඡා සේවකයන් කණ්ඩායම් කිහිපයකට බෙදීමට කටයුතු කළ​හ.

මානුෂීය සහ පුණ්‍ය ආයතන, ස්වේච්ඡා මධ්‍යස්ථාන, පෞද්ගලික අංශය, සමාජයේ සියලුම අංශ සහ මාධ්‍යවල සහභාගීත්වයෙන් මානුෂීය සහන පැකේජ එකතු කිරීම සහ බලමුලු ගැන්වීම සඳහා මධ්‍යස්ථාන පිහිටුවීම මෙම සහන ව්‍යාපාරයේ අරමුණයි.

සහන පැකේජ වර්ග තුනක් ඇතුළත් විය:

  • ඇඳුම් පැළඳුම්
  • ළමුන් සඳහා පැකේජ – විවිධ වර්ගයේ කිරිපිටි, බිස්කට්, සෞඛ්‍ය සැපයුම්
  • ආහාර පැකේජ – සෑම ආහාර පාර්සලයක​ටම පිටි, තෙල්, රටඉඳි, බෝංචි, කඩල, ඉරිඟු, ටූනා, ටින් කළ මස්, තේ, ලුණු සහ සීනි ඇතුළු ආහාර වර්ග 14 කින් සමන්විත විය.

ගාසා තීරයේ පලස්තීනුවන්ට ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට පවුල් කිහිපයක් ද මූලිකත්වය ගෙන කටයුතු කල අතර අබුඩාබි වරාය ශාලාවේ පිහිටි එකතු කිරීමේ මධ්‍යස්ථානය වෙත ඔවුන්ගේ පරිත්‍යාග භාරදී ඇත.

මෙම සහන ව්‍යාපාරය දියත් කිරීම ලෝක ආහාර වැඩසටහන සමඟ සහයෝගයෙන් සහ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණයෙන් පලස්තීන ජනතාවට කඩිනම් ආධාර සැපයීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ගෙන ඇති මානුෂීය ප්‍රයත්නවල කොටසක් ලෙස සිදු කෙරේ.

Tarahum for Gaza සඳහා – ව්‍යාපාරයේ අරමුණ වන්නේ පවතින යුද්ධයෙන් පීඩාවට පත් පලස්තීන දරුවන් සහ ඔවුන්ගේ පවුල් වෙ​ත සහයෝගීතාවය දැක්වීම, මානුෂීය තත්වයන්හි බරපතලකම සමනය කිරීම සහ වඩාත් අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වල​ට, විශේෂයෙන් ළමයින්ගේ සහ ඔවුන්ගේ මව්වරුන්ට සෞඛ්‍ය සැපයුම් සහ සාමාන්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍යවලට අමතරව මූලික අවශ්‍යතා සැපයීමෙන් දුක් වේදනා සමනය කිරීමය. ගාසා තීරයේ ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් එනම් මිලියනයකට වඩා දරුවන් සිටී.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleන​ව විදේශ ගමන් බලපත්‍ර, එමිරේට්ස් හැඳුනුම්පත ක්ෂණිකව ලබාගතහැකි කියෝස්ක් ලඟදී​ම  
Next Article ඩුබායි හි RTA, GITEX 2023 ප්‍රදර්ශනයේදී හඳුන්වා දෙන නව සේවා 5ක්
Stanly Kularathna

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.