පසුගිය ඉරිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රෙඩ් ක්‍රෙසන්ට් අනුග්‍රහය යටතේ Tarahum for Gaza -“ගාසා සඳහා අනුකම්පාව” ප්‍රචාරක ආයාචනයට ප්‍රතිචාර වශයෙන් විශාල වශයෙන් පැමිණි ස්වේච්ඡා සේවකයන් විසින් සහන ද්‍රව්‍ය පාර්සල් 13,000 ක් අසුරා ඇති බව එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් නිවේදනය කළේය.
එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට්හි ප්‍රාදේශීය කටයුතු පිළිබඳ නියෝජ්‍ය මහලේකම් රෂීඩ් අල් මන්සූරි පැවසුවේ “ප්‍රචාරණයේ පළමු දිනයේ පාර්සල් 13,000 කට අධික ප්‍රමාණයක් සූදානම් කර ඇති අතර මෙම ක්‍රියාන්විතය ඉදිරි සති කිහිපයයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය පුරා පවත්වනු ඇති බවයි. එදින මෙම ක්‍රියාන්විතය පෙරවරු 9 ට ආරම්භ වූ අතර සවස 4 දක්වා අබුඩාබි වරාය ශාලාවේදී පැවතිණි.
උදෑසන සිට විවිධ ජාතීන්ට සහ වයස් කාණ්ඩවලට අයත් සිය ගණනක් ස්වේච්ඡා සේවකයන් අරමුදල් සහ සහන ද්‍රව්‍ය එක්රැස් කිරීම සඳහා මිනා සයීඩ්හි අබුඩාබි වරාය ශාලාව වෙත පැමිණ සිටියහ. පැමිණි සියලු දෙනාම සහන ව්‍යාපාරයට සහභාගී වීමට ඉඩ සැලසීම සඳහා ප්‍රචාරක අධීක්ෂකවරුන් ස්වේච්ඡා සේවකයන් කණ්ඩායම් කිහිපයකට බෙදීමට කටයුතු කළහ.
මානුෂීය සහ පුණ්‍ය ආයතන, ස්වේච්ඡා මධ්‍යස්ථාන, පෞද්ගලික අංශය, සමාජයේ සියලුම අංශ සහ මාධ්‍යවල සහභාගීත්වයෙන් මානුෂීය සහන පැකේජ එකතු කිරීම සහ බලමුලු ගැන්වීම සඳහා මධ්‍යස්ථාන පිහිටුවීම මෙම සහන ව්‍යාපාරයේ අරමුණයි.
සහන පැකේජ වර්ග තුනක් ඇතුළත් විය:
- ඇඳුම් පැළඳුම්
- ළමුන් සඳහා පැකේජ – විවිධ වර්ගයේ කිරිපිටි, බිස්කට්, සෞඛ්‍ය සැපයුම්
- ආහාර පැකේජ – සෑම ආහාර පාර්සලයකටම පිටි, තෙල්, රටඉඳි, බෝංචි, කඩල, ඉරිඟු, ටූනා, ටින් කළ මස්, තේ, ලුණු සහ සීනි ඇතුළු ආහාර වර්ග 14 කින් සමන්විත විය.
ගාසා තීරයේ පලස්තීනුවන්ට ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට පවුල් කිහිපයක් ද මූලිකත්වය ගෙන කටයුතු කල අතර අබුඩාබි වරාය ශාලාවේ පිහිටි එකතු කිරීමේ මධ්‍යස්ථානය වෙත ඔවුන්ගේ පරිත්‍යාග භාරදී ඇත.
මෙම සහන ව්‍යාපාරය දියත් කිරීම ලෝක ආහාර වැඩසටහන සමඟ සහයෝගයෙන් සහ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණයෙන් පලස්තීන ජනතාවට කඩිනම් ආධාර සැපයීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ගෙන ඇති මානුෂීය ප්‍රයත්නවල කොටසක් ලෙස සිදු කෙරේ.
Tarahum for Gaza සඳහා – ව්‍යාපාරයේ අරමුණ වන්නේ පවතින යුද්ධයෙන් පීඩාවට පත් පලස්තීන දරුවන් සහ ඔවුන්ගේ පවුල් වෙත සහයෝගීතාවය දැක්වීම, මානුෂීය තත්වයන්හි බරපතලකම සමනය කිරීම සහ වඩාත් අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට, විශේෂයෙන් ළමයින්ගේ සහ ඔවුන්ගේ මව්වරුන්ට සෞඛ්‍ය සැපයුම් සහ සාමාන්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍යවලට අමතරව මූලික අවශ්‍යතා සැපයීමෙන් දුක් වේදනා සමනය කිරීමය. ගාසා තීරයේ ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් එනම් මිලියනයකට වඩා දරුවන් සිටී.