Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Communication»WhatsApp, එක දුරකථනයක ගිණුම් දෙකක් භාවිතා කිරීමට ඉඩ ලබාදෙයි
Communication

WhatsApp, එක දුරකථනයක ගිණුම් දෙකක් භාවිතා කිරීමට ඉඩ ලබාදෙයි

Stanly KularathnaBy Stanly KularathnaOctober 21, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

WhatsApp, නුදුරේදීම පරිශීලකයින්ට තනි දුරකථනයකින් WhatsApp ගිණුම් දෙකක් ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබා දීමට නියමිතයි. WhatsApp පරිශීලකයින් දිගු කලක් බලා සිටි මෙම විශේෂාංගය මෙටාහි නිර්මාතෘ මාර්ක් සකර් බර්ග් විසින් නිවේදනය කරන ලද අතර නිල සමාගම් බ්ලොග් සටහනකින් තහවුරුකොට ති​බේ.

සකර් බර්ග් පැවසුවේ “ඉක්මනින් එක් දුරකථනයක, WhatsApp යෙදුම තුළ ගිණුම් දෙකක් තබා ගැනීමට හැකි වනු ඇත”

දැනට, WhatsApp ගිණුම් දෙකක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පුද්ගලයින්ට, ගිණුම් වලට ඇතුළු වීමට සහ පිටතට යාමට වෙන වෙනම දුරකථන රැගෙන යාමට අවශ්‍ය වී ඇත.

නව විශේෂාංගය පිළිබඳ​ව නිවේදනය කරන WhatsAppහි බ්ලොග් අඩවියේ, පණිවුඩකරණ සේවාව මෙසේ පැවසීය: “අද, අපි එකවර WhatsApp ගිණුම් දෙකක් ලොග් වීමේ හැකියාව හඳුන්වා දෙන්නෙමු.”

“ඔබේ රාජකාරි ගිණු​ම සහ පුද්ගලික ගිණුම අතර මාරුවීම සඳහා මෙය ප්‍රයෝජනවත් වේ – දැන් ඔබට තවදුරටත් සෑම අවස්ථාවකම ලොග් අවුට් වීමට හෝ දුරකථන දෙකක් රැගෙන යාමට හෝ වැරදි තැනකින් පණිවිඩ යැවීම ගැන කරදර වීමට අවශ්‍ය නැත”

“දෙවන ගිණුමක් සෑදී​මට, ඔබට දෙවන දුරකථන අංකයක් සහ SIM කාඩ්පතක් හෝ SIM කාඩ් දෙකක් සහි​ත හෝ eSIM පිළිගන්නා දුරකථනයක් අවශ්‍ය වේ.

“සරලව ඔබගේ WhatsApp settings විවෘත කරන්න, ඔබගේ නමට යාබද ඊතලය මත ක්ලික් කරන්න, සහ ‘ගිණුම එක් කරන්න’ (Add account) ම​ත ක්ලික් කරන්න.

“ඔබට එක් එක් ගිණුමේ ඔබගේ පෞද්ගලිකත්වය සහ දැනුම්දීම් (privacy and notification) සැකසීම් පාලනය කළ හැක”.

WhatsAppහි ප්‍රකාශය මගින් තවදුරටත් පවසන්නේ පරිශීලකයින්ට නිල යෙදුම පමණක් භාවිතා කරන ලෙසයි. දුරකථනයට තවත් ගිණුම් එකතුක​ර ගැනීමේ මාර්ගයක් ලෙස අනුකරණ හෝ ව්‍යාජ අනුවාද බාගත නොක​රන ලෙසද අවවාද කොට ඇ​ත. නිල යෙදුම භාවිතා කරන විට පමණක් පණිවිඩ ආරක්ෂිත සහ පෞද්ගලිකත්වය රැකෙ​න බව​ද එය පැහැදිලි කළේය.

හඳුන්වාදෙන නව WhatsApp ක්‍රියාකාරීත්වය ලොව පුරා නිකුත් කිරීම සඳහා කාල රාමුවක් ලබා දී නැත, නමුත් එය ඉදිරි සතිවලදී Android සහ iPhone භාවිතා කරන්නන් සඳහා අපේක්ෂා කෙරේ.

WhatsApp යෙදුම මෑතකදී පින්තූර බෙදාගැනීම, හඬ ඇමතුම් සහ පණිවිඩය වෙනස් කිරීම සඳහා යාවත්කාලීන කිරීම් ඇතුළුව නව විශේෂාංග රාශියක් එක් කොට ති​බේ.

Abu Dhabi Dubai Featured Middle East Sharjah Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවිදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විදේශ රැකියා බලපත්‍රලාභී නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩසටහනක්
Next Article UAEහි, සංචාර​ක වීසා දීර්ඝ කළ හැක්කේ එක් වරක්, දි​න 30කට පමණයි
Stanly Kularathna

Related Posts

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.