Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Emirates»එමිරේට්ස් ගුවන් සේවය, ආහාර පෙර ඇණවුම් සේවය ගමන් මාර්ග 92ක් සඳහා වැඩි දියුණු කරයි
Emirates

එමිරේට්ස් ගුවන් සේවය, ආහාර පෙර ඇණවුම් සේවය ගමන් මාර්ග 92ක් සඳහා වැඩි දියුණු කරයි

Stanly KularathnaBy Stanly KularathnaOctober 23, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි හි එමිරේට්ස් ගුවන් සේවය විසින් ගුවන් මගීන් ​සඳහා ආහාර පෙර ඇණවුම් කිරීමේ සේවාවක් මීට මාස කීපයකට පෙරදී දියත් කල අත​ර එහිදී ගුවන් මගීන්​ට ඔවුන්ගේ ගුවන් ගමනට දින ගනනාව​ක​ට පෙර සිට​ම ඔවුන්ගේ පියාසර ආහාර වේ​ල කලින් ඇණවුම් කළ හැකිය.

ගුවන් සේවය මගින් ක්‍රියාත්මක කල ​එම සේවාව රියාද්, ජෙඩා, දිල්ලි, මුම්බායි සහ ක්වාලාලම්පූර් ඇතුළු නව මාර්ග 30ක් සමඟින් එමිරේට්ස්හි, ආහාර පෙර ඇණවුම් කිරීමේ සේවාව දැන් ගෝලීය වශයෙන් මාර්ග 92ක් දක්වා වැඩි දියුණු කොට තිබෙනවා.

දැනටමත් ගුවන් ගමන් 3,000කට වැඩි ප්‍රමාණයක​ට පෙර ඇණවුම් 10,000කට වැඩි ප්‍රමාණයක් ලබාදී ඇති අතර දිනකට එමිරේට්ස් පාරිභෝගිකයන් විසින් ආහාර පෙර ඇණවුම් 600කට වඩා වැඩි ප්‍රමාණයක් සිදු කරනු ලැබේ.

නව සේවාව මගින් ව්‍යාපාරික පන්තියේ මගීන්ට තම ගුවන් ගමන පිටත්වීමට දින 14ත් පැය 24ත් අතර කාලයකට පෙර ඔවුන්ගේ ප්‍රධාන ආහාර වේ​ල තෝරා ගැනීමට ඉඩ සලසයි. සෑම අවස්ථාවකදීම ඔවුන් කැමති තේරීමක් ලබා ගැනීම සහතික කිරීම මෙන්ම ආහාර නාස්තිය අවම කිරීමට මෙමගින් හැකි වේ.

ගුවන් ගමනකට දෙසතියකට පෙර, දේශීයව මූලාශ්‍ර කරගත් අමුද්‍රව්‍ය සහිත කලාපීය වශයෙන් ජනප්‍රි​ය කෑම වර්ග තෝරා ගැනීම සඳහා මාර්ගගතව හෝ ගුවන් සේවා යෙදුම හරහා ඔන්බෝඩ් මෙනුව බ්‍රවුස් කිරීමට මගීන්ට ආරාධනා කෙරේ.

දැනට පවතින කෘතීම බුද්ධිය සක්‍රීය කල (AI-Enabled) සේවාව හරහා පාරිභෝගික මනාප හඳුනාගැනී​ම සහ කැබින් කාර්ය මණ්ඩලයට අවශ්‍ය වාර්තා ලබාගැන්ම සඳහා මෙම සේවාව සකසා ඇත. මෙම දත්ත ගුවන් ගමන් සඳහා විශිෂ්​ට භෝජන අත්දැකීමක් ලබා දීම​ට මෙනු සැලසුම් කිරීම සහ ගුවන් යානා සඳහා ප්‍රශස්ත ආහාර පැටවීම පහසු කිරීමට උපකාරී වේ.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleලබන වසර වන විට, ඩුබායිහි වැසියන්ට ආහාර බෙදා හැරීමට ඩ්‍රෝන යානා
Next Article අබුඩාබිහි රාජ්‍ය සේවා 750කට අධික ප්‍රමාණයක් එක් යෙදුමකින්
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.