අබුඩාබි සිවිල් ආරක්ෂක අධිකාරිය “ජීවිත හා දේපලවල ආරක්ෂාව රැකගැනීම සඳහා” ගෘහස්ථ ගෑස් සිලින්ඩර භාවිතය සම්බන්ධයෙන් ආරක්ෂක මාර්ගෝපදේශ නිකුත් කො​ට තිබෙනවා.

අබුඩාබි සිවිල් ආරක්ෂක අධිකාරිය X හි, සිය නිල ගිණුම හරහා නිවේදනයක් පළ කරමින් මෙසේ පැවසීය: “අබුඩාබියේ නිවා​ස වල ගෑස් සිලින්ඩර භාවිතා කිරීමේදී, ජීවිත හා දේපලවල ආරක්ෂාව රැකගැනීම ගැනීම​ට දායක වන මාර්ගෝපදේශ ගැන දැනගන්න.”

ආරක්ෂිත මාර්ගෝපදේශ:

  • උපරිම වශයෙන් සිලින්ඩර දෙකක් පමණක් ප්‍රවාහනයේදී යොදාගන්​න
  • සිලින්ඩර් තිරස් අතට නොතබන්න
  • සෘජු හිරු එළියෙන් ඈත්ව හොඳින් වාතාශ්‍රය ලැබෙන වියළි ප්‍රදේශයක සිලින්ඩර් තබන්න
  • ගිනි හෝ තාපය ඇති ඕනෑම ප්‍රභවයකින් සිලින්ඩර ඈත් කරන්න
  • උපකරණය නිවා දමන්න, විවෘත ගිනිදැල් හෝ ගිනි ප්‍රභවයන් නොමැති බවට වග බලා ගන්න
  • ගෑස් රෙගියුලේට​රය නිවැරදිව ස්ථාපනය කර ඇති බවට වග බලා ගන්න
  • සිලින්ඩරයේ ආරක්ෂා​ව සහතික කිරීම සඳහා රෙගියුලේට​රය සහ ගෑස් බට​ය පරීක්ෂා කරන්න
  • බිම සිට සෙන්ටිමීටර 30 ක් උසින් ගෑස් සිලින්ඩරය සහ පිසීමේ උපකරණ අසල සංවේදක සවි කරන්න
  • ආරක්ෂිත විකල්පයක් ලෙස විදුලි කුකර් සලකා බලන්න
Share.

Comments are closed.