පසුගිය මාස අටක කාලය තුළ ඩුබායි නගරය පුරා සිදුවූ ඊ-ස්කූටර් අනතුරුවලින් පුද්ගලයන් 5 දෙනෙකු මිය ගොස් 29 දෙනෙකු තුවාල ලබා තිබේ. විද්‍යුත් ස්කූටර අනිසි ලෙස භාවිත කිරීම හේතුවෙන් සිදුවූ අනතුරු සංඛ්‍යාව 32ක් බව පොලිසිය පවසයි.

රථවාහන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සයිෆ් මුහයිර් අල් මස්රූයි පැවසුවේ මාස අටක් තුළ යතුරුපැදිකරුවන්ට දඩ ඩිරාම් 10,000 කට අධික ප්‍රමාණයක් පැනවූ බවයි. යතුරුපැදිකරුවන් මාර්ග නීති කඩ කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් පොලිසිය විසින් පළ කර ඇත.

තමන්ගේ හෝ අනුන්ගේ ජීවිත අනතුරේ හෙළන ධාවකයින්ට එරෙහිව ඩිරාම් 300​ක දඩයක් නිය​ම කෙරේ.

වයස අවුරුදු 16 ට අඩු ළමුන් විද්‍යුත් ස්කූටරයක් පැදවීම වැනි උල්ලංඝනයන් වීඩියෝවේ දැක්වෙන අතර ප්‍රධාන මාර්ගවල විද්‍යුත් ස්කූටර භාවිතා කිරීම සහ වාහන ගමනාගමනය වන දිශාව​ට එරෙහිව ස්කූටර පැදවීම වීඩියෝවේ දැක්​වේ.

අදාළ සියලුම ආරක්ෂක නීති අනුගමනය කරන ලෙස නිලධාරියා විද්‍යුත් ස්කූටර් ධාවකයින්ගෙන් ඉල්ලා සිටියේය. “මාර්ග නීතිවලට ගරු කිරීම, නියමිත මාර්ගවල ධාවන​ය කිරීම, පැයට කිලෝමීටර් 60 ඉක්මවන මාර්ග වල ධාවනයෙන් වැළකී සිටීම, හිස්වැසුම් සහ පරාවර්තක ජැකට් පැළඳීම, මාර්ග සංඥා සහ වෙනත් මාර්ග සංඥා පිළිපැදීම, ඉදිරිපස දීප්තිමත් සුදු සහ පරාවර්තක ලයිට් තිබීම, පිටුපස දීප්තිමත් රතු සහ පරාවර්තක විදුලි පහන් තිබීම, වාහනවල ක්‍රියාකාරී තිරිංග තිබීම ද අත්‍යවශ්‍ය වේ,” ඔහු පැහැදිලි කළේය.

Share.

Comments are closed.