රැකියා ස​ඳහා විගමනය පිළිබඳව ශ්‍රී ලංකා ජාතික ප්‍රතිපත්තිය හා ක්‍රියාකාරී සැලැස්ම එලිදැක්වීම විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහ සංවර්ධන හා සහයෝගිතව​ය පිළිබඳ ස්විට්සර්ලන්ත ආයතනයේ සහභාගිත්වයෙන් කොළඹ කිංස්බරි හෝටලයේදී පසුගියදා පැවැත්විය.

ජාතික හා ගෝලීය වශයෙන් ඇතිව තිබෙන ප්‍රවණතා සැලකිල්ලට ගනිමින් නව ජාතික ප්‍රතිපත්තිය සකසා ඇති අතර ආර්ථිකයේ අසීරුම කාල සීමා​ව තුල රට ගොඩ ගැනීමට ඇප කැප වූ විදෙස් ගත ශ්‍රමිකයින්ට සහන සැලසීම ස​ඳහා මේ සියලුම වැඩපිලිවෙල සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වනු ඇත.

අමාත්‍යවරයාගේ වැඩ පිලිවෙලට අඛණ්ඩ සහයක් ජාත්‍යන්තර ආයතන වලින් ලැබෙන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය .

Share.

Comments are closed.