Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»වසරේ යොවුන් සූපවේදීයා උෂාන් සජීන්ද්‍රට එක්සත් එමීර් රාජ්‍යයේ පුහුණුවකට අවස්ථාවක්
Events

වසරේ යොවුන් සූපවේදීයා උෂාන් සජීන්ද්‍රට එක්සත් එමීර් රාජ්‍යයේ පුහුණුවකට අවස්ථාවක්

Stanly KularathnaBy Stanly KularathnaOctober 29, 2023Updated:October 29, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ආසියාවේ විශාලතම සූපවේදී තරගාවලියක් ව​න  “Culinary art food expo 2023”, (Sri lanka Cafe 2023) ආහාර ප්‍රදර්ශනයට සමගාමීව පසුගියදා කො​ළඹ බණ්ඩාරණායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුනා. ජෙරාඩ් මෙන්ඩිස්, දිමුතු කුමාරසිංහ යන සූපවේදීන්ගේ ප්‍රමුඛත්වයෙන් යුත් ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංගමය විසින් මෙම තරගාවලිය සංවිධානය කල අතර මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූවා. වසර දෙකකට වරක් පැවැත්වෙන මෙම තරගාවලිය සදහා මෙවර රටවල් 13 කට අධික සංඛ්‍යාවක් සහභාගි වී තිබෙනවා. 

“වසරේ යොවුන් සූපවේදියා” යන තරග අංශය​ය නියෝජනය කරමින් සහභාගි වූ ආධුනික සූපවේදී උෂාන් සජීන්ද්‍ර විසින් එම අංශයේ ජයග්‍රහණය හිමි කර ගනු ලැබුවා. වයස අවුරුදු 23 ක් වන සූපවේදී උෂාන් සජීන්ද්‍ර මේ වන විට කො​ළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේ සේවය කරන අතර මෙම ජයග්‍රහණයත් සමග ඔහුට මසක කාලයක් එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ පිහිටි ප්‍රධාන පෙලේ හෝටල් රැසකින් පුහුණුව ලැබීමට අවස්ථාව හිමි වී තිබීම විශේෂත්වයක්. එම හෝටල් අතර ඩුබායි හි පිහිටි Jumeirah creek side, pullman, Novatel සහ Raddison blue යන හෝටල් සමූහයද, අබුඩාබි හි පිහිටි st pegis හා The club යන හෝටල් ද්විත්වයද ඇතුලත් වනවා. තවද Fujairah නගරයේ පිහිටි Miramar resort යන හෝටලයද මේ පුහුණුව සදහා සිය දායකත්වය ලබා දෙනු ඇති.  මෙම පුහුණුව ස​ඳහා අනුග්‍රාහකත්වය ලබා දෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ පිහිටි ශ්‍රී ලංකා ආගන්තුක සත්කාර හා සූපවේදී වෘත්තිකයන්ගේ  සංගමයයි.  තරගාවලියේ විනිශ්චය මණ්ඩලයට එක්සත් අරාබි එමීර් රාජ්‍ය නියෝජනය කරමින් ශ්‍රී ලංකා  ආගන්තුක සත්කාර හා සූපවේදී වෘත්තිකයන්ගේ සංගමයේ සාමාජිකයන් වන සූපවේදී K.A.C. ප්‍රසාද්, කුශාන් පෙරේරා හා පීටර් ඩී. කු​වේ යන මහත්වරුන්  සහභාගී වුනා.

එක්සත් එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ආගන්තුක සත්කාර ඒක​ක​යේ විධායක K.A.C. ප්‍රසාද් මහතා පැවසුවේ, මෙය පළමු වරට ඔවුන් විසින් සංවිධානය කරන ලද අතර එය ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රය වෙනුවෙන් සහ ​එහි පැවැත්ම වෙනුවෙන් ගනු ලැබූ වටිනා තීරණයක් බව ඔහු විශ්වාස කරන බවයි.

Dubai Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඕස්ට්‍රේලියානුවෝ නවසීලන්තය පරදවති
Next Article එමිරේට්ස් ගුවන් සේවයට 2024 මාර්තු දක්වා සේවකයන් 15,000ක්
Stanly Kularathna

Related Posts

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.