Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Airport»අබුඩාබි ගුවන්තොටුපළ Zayed International Airport ලෙස නම් කෙරේ
Airport

අබුඩාබි ගුවන්තොටුපළ Zayed International Airport ලෙස නම් කෙරේ

Stanly KularathnaBy Stanly KularathnaNovember 1, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අබුඩාබි ජාත්‍යන්තර ගුවන්තොටුපළ Zayed International Airport ලෙස නම් කිරීමට නියමිත අත​ර නව නාම​ය 2024 පෙබරවාරි 9 සිට ක්‍රියාත්මක වන බව අබුඩාබි මාධ්‍ය කාර්යාලය පසුගියදා ප්‍රකාශ කළේය. ගුවන් තොටුපළේ නව A පර්යන්තය බදාදා මෙහෙයුම් සිය ආරම්භ කිරීමට පෙර මෙම වෙනස සිදු කිරීමට ජනාධිපති අතිගරු ෂෙයික් මොහොමඩ් නියෝග කළේය.

අබුඩාබිහි ඔටුන්න හිමි කුමරු ෂෙයික් කලීඩ් බින් මොහොමඩ් අඟහරුවාදා නව පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාව​ක නිරත වූවා. මෙම ප්‍රධාන ව්‍යාපෘතිය අබුඩාබිහි ආර්ථික සහ තිරසාර සංවර්ධනය සඳහා වැදගත් ඉදිරි පියවරක් බව ඔහු පැවසූ බව අබුඩාබි මාධ්‍ය කාර්යාලය පවසනවා. සංචාරක හා ගුවන් සේවා අංශ තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩ ආයෝජනයේ වැදගත්කම ෂෙයික් කලීඩ් අවධාරණය කළේය.

ජනාධිපති උසාවියේ විශේෂ කටයුතු පිළිබඳ උපදේශක සහ අබුඩාබි ගුවන් තොටුපළේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති ෂෙයික් මොහොමඩ් බින් හමාඩ් පැවසුවේ ගෝලීය තලයේ අබුඩාබිහි තත්ත්වය ඉහළ නැංවීම සඳහා මෙගා ව්‍යාපෘතිය “ප්‍රධාන දොරටුවක්” ලෙස ක්‍රියා කරන බවයි.

නව පර්යන්තය, පැරණි පර්යන්තයේ ප්‍රමාණය මෙන් තුන් ගුණයක් විශාල වන අතර ගෝලීය වශයෙන් ගමනාන්ත 117 කට ගුවන් ගමන් සමඟින්, A පර්යන්තය අබුඩාබි වෙත සහ ඉන් පිටවන ගුවන් ගමන් වාර ගණන සහ ළඟාවීම වැඩි කරන බව ගුවන් තොටුපල බලධාරීහු පවසති.

එය විවෘත වූ පසු වසරකට මගීන් මිලියන 45ක් පමණ හැසිරවිය හැකි වනු ඇත.

​මේ මාසයේ ගුවන් ගමන් ආරම්භ කිරීමට පෙර ගුවන් සමාගම් ඔවුන්ගේ මෙහෙයුම් අදියර වශයෙන් නව පර්යන්තය වෙත මාරු කරනු ඇත. අබුඩාබිහි එතිහාඩ් එයාර්වේස් ඔක්තෝබර් 31 දින චාරිත්‍රානුකූල ගුවන් ගමනක් ක්‍රියාත්මක කිරීමෙන් පසු නොවැම්බර් 1 සිට නොවැම්බර් 14 දක්වා සති දෙකක කාලයක් තුළ අදියර තුනකින් නව A පර්යන්ත ගොඩනැගිල්ල වෙත ගුවන් සමාගම් ගමන් කරන බව අබුඩාබි ගුවන් තොටුපළ ක්‍රියාකරු පැවසීය.

නොවැම්බර් 1 වැනිදා සිට Wizz Air Abu Dhabi සහ තවත් ජාත්‍යන්තර ගුවන් සේවා 15ක් නව පර්යන්තයෙන් පියාසර කිරීමට නියමිතය.

එතිහාඩ් එයාර්වේස් නොවැම්බර් 9 සිට A පර්යන්තයේ සිට ගුවන් ගමන් 16 ක් ක්‍රියාත්මක කරන අතර නොවැම්බර් 14 සිට වෙනත් ගුවන් සමාගම් 28 ක් පර්යන්තයෙන් ක්‍රියාත්මක වේ.

Abu Dhabi Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleIPL 2024 වෙන්දේසිය දෙසැම්බර් 19 ඩුබායි හිදී
Next Article ඩුබායි කඨින චීවර පූජාමහෝත්සවය නොවැම්බර් මස 05 වන ඉරිදා
Stanly Kularathna

Related Posts

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.