ඊශ්‍රායලයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Moshe Arbel සහ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාරනායක ගිවිසුමකට අත්සන් තබා ඇති අතර, ඒ අනුව ශ්‍රී ලාංකික ගොවි කම්කරුවන් 10,000ක් වහාම බඳවා ගැනීමට ඊශ්‍රායලයට ඉඩ සැලසේ.

මේ සම්භන්ධව පසුගිය සතියේ ලැබුනු කැබිනට් අනුමැතියෙන් පසුව කෘෂිකාර්මික අංශය සඳහා කම්කරුවන් 5,000 ක් ඊශ්‍රායල​යට ගෙන්වා ගැනීමට එර​ට සමාගම්වලට මින් අවසර ලැබෙන බ​ව

ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කළේය.

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයට යුද්ධයෙන් දැඩි ලෙස පහර වැදී ඇත. ඔක්තෝබර් 7 වනදා සිට, කෘෂිකාර්මික අංශයේ විදේශීය කම්කරුවන් 30,000 න් 8,000 ක් පමණ ඊශ්‍රායලයෙන් පලා ගොස් ඇත. ඔක්තෝබර් 7 දා මිනීමරු ප්‍රහාරයේදී හමාස් ත්‍රස්තවාදීහු ගාසා තීරයේ විදේශ කම්කරුවන් දුසිම් ගනනක් ඝාතනය කර දුසිම් ගනනක් ප්‍රාණ ඇපයට ගත්හ.

ඒ සමගම පලස්තීන කෘෂිකාර්මික කම්කරුවන් 20,000කට පමණ එරටට ඇතුළුවීම තහනම් කර ඇති බවද වාර්තාවේ.

මෙම ගිවිසුමේ රාමුව තුළ සිටින පළමු ශ්‍රී ලාංකික කෘෂිකාර්මික කම්කරුවන් ඉදිරි සතිවලදී ඊශ්‍රායල​යට පැමිණිය යුතුය. ඊශ්‍රායලයේ දැනටමත් ශ්‍රී ලංකාවෙන් ශ්‍රමිකයින් 4,500ක් සේවයේ යෙදී සිටින අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ගෘහ ආරක්ෂණ අංශයේ සේවය කරති.

Share.

Comments are closed.

Exit mobile version