ඩුබායි පොලිසිය නව ආරක්ෂක ව්‍යාපාරයක කොටසක් ලෙස මෝටර් රථවල භාවිතා කරන ළමා ආසන නොමිලේ බෙදා හරින බව නිවේදනය කරන ලදී. ‘ළමා ආසනය… ආරක්ෂාව සහ සන්සුන්කම’ ව්‍යාපාරයේ අරමුණ වන්නේ රථවාහන ආශ්‍රිත තුවාල හා මරණ සංඛ්‍යාව අවම කිරීම සඳහා වාහනවල ළමා ආසන භාවිතා කිරීමේ වැදගත්කම පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරීම මගින් දරුවන් ආරක්ෂා කිරීමයි.

ඩුබායි පොලිසියේ සාමාන්‍ය රථවාහන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සයිෆ් මුහයිර් අල් මැස්රෝයි අවධාරණය කළේ “පසුගිය මාස 10 තුළ රථවාහන දෙපාර්තමේන්තුව​ට අනතුරු 47 ක් වාර්තා කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ළමුන් දෙදෙනෙකු මිය ගොස් තවත් 45 දෙනෙකුට විවිධ බරපතල තුවාල සිදුවුනා. එක් බරපතල සිද්ධියක්, මධ්‍යම බරපතල සිද්ධීන් 19 ක් සහ සුළු තුවාල සිද්ධීන් 25 ක් එයට ඇතුලත් වුනා.”

සියලු අවදානම්වලදී දරුවන්ගේ ආරක්‍ෂාව ප්‍රමුඛතාවක් බව ඔහු අවධාරණය කළේය. වාහන වල ගමන් කරන දරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා පසුපස ආසනවල​ට ළමා ආසන ලබා දීම සහතික කරන ලෙස ඔහු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය.

වාහනයේ ගමන් කරනා සෑම දෙනාගේම ආරක්ෂාව සහතික කිරීම සඳහා ආසන නිසි ලෙස භාවිතා කිරීම, දරුවාගේ වයසට සුදුසු ආසන වර්ගය තෝරා ගැනීම සහ ආසනය සවි කිරීමේ නිවැරදි ආකාරය පිළිබඳව ඩුබායි පොලිසිය ප්‍රජාව දැනුවත් කරන බව අධ්‍යක්ෂවරයා පැහැදිලි කළේය.

මේජර් ජෙනරාල් අල් මැස්රෝයි පෙන්වා දුන්නේ රිය පැදවීමේදී දරුවෙකු ඉදිරි අසුනේ තැබී​ම හෝ රඳවා ගැනීම දරුවාගේ ජීවිතයට සහ ආරක්ෂාවට අනතුරක් වන අනතුරුදායක සහ නීති විරෝධී ක්‍රියාවක් බවයි.

වයස අවුරුදු 10 ට අඩු හෝ උස සෙන්ටිමීටර 145 ට අඩු දරුවෙකුට ඉදිරිපස අසුනේ වාඩි වීමට ඉඩ දීම මාර්ග නීතිවලට පටහැනි බවත් හදිසියේ නැවතීමකදී හෝ රථවාහන අනතුරකදී දරුවාට ඇති අවදානම හේතුවෙන් ඩිරාම් 400 ක දඩයකට යටත් වන බවත් ඔහු සඳහන් කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස දරුවා ඉදිරියට විසිවී වාහනයේ අභ්‍යන්තර කොටස්වල ගැටීමට හෝ දැඩි බලපෑමක් හෝ වාහනය පෙරළීමකදී පිටතට විසිවී​ම සිදුවිය හැකි​ය.

Share.

Comments are closed.