කෘත්‍රිම බුද්ධි බලය හරහා කටහඬ ව්‍යාජ​ව වෙනස් කිරීමේ තාක්‍ෂණය භාවිතා කරමින්  ආසියානු සමාගමකින් ඩොලර් මිලියන 36ක් වංචා කළ බව කියන පුද්ගලයන් 43 දෙනෙකු ඩුබායි පොලිසිය විසින්, අත්අඩංගුවට ගෙන කිබෙනවා.

මෙම වංචාව ක්‍රියාත්මක ක​ල සුපිරි කල්ලියක සාමාජිකයින් අත්අඩංගුවට ගැනී​ම සඳහා රටවල් කිහිපයක සයිබර් අපරාධකරුවන් සොයා ඩුබායි පොලිසිය ජාත්‍යන්තර ආරක්ෂක මෙහෙයුමක් දියත් කළේය. විමර්ශනවලින් අනතුරුව සැකකරුවන් සතුව තිබී සුඛෝපභෝගී මෝටර් රථ, වටිනා සිතුවම් සහ තවත් භාණ්ඩ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.

ඒකාබද්​ධ මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස විවිධ ජාතීන්ට අයත් සැකකරුවන් 43 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඩුබායි පොලිසිය​ට හැකි විය. කල්ලි නායකයා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටත තවත් සහචරයින් 20 දෙනෙකු හෙළිදරව් වූ අතර ජාත්‍යන්තර අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලදි.

ඩුබායි පොලිසියට මුලින්ම E-crime වේදිකාව හරහා නැගෙනහිර ආසියාතික සමාගම් දෙකකින් වංචාව පිළිබඳ වාර්තාවක් ලැබුණේ ඔවුන්​ගේ ඩොලර් මිලියන ගණනක වංචාවකට ගොදුරු වූ බව පවසමිනි. එහි මෙසේ සඳහන් විය: “වංචනිකයන් සමාගම්වල අධ්‍යක්ෂවරුන් ලෙස පෙනී සිටිමින් වංචාව වඩාත් ඒත්තු ගැන්වීම​ට ඔවුන්ගේ කටහඬ අනුකරණය කොට තිබෙනවා.

“deep-fake තාක්‍ෂණය භාවිතා කරමින් වංචාකාරු සමාගම්වල ශාඛා හා සම්බන්ධවී මව් සමාගම ඩුබායිහි අත්පත් කර ගැනීමේ ගනුදෙනු රහසිගතව පවත්වන බව අධ්‍යක්ෂවරුන්ට ඒත්තු ගන්වා තිබෙනවා. ගනුදෙනු මුද්‍රා තැබීම සඳහා ඩොලර් මිලියන 36ක් මාරු කළ යුතු බව ඔවුන්ට දන්වා ඇත.”

“මෙහිදී විශ්වාසනීයත්වයක් එක් කිරීම සඳහා වංචනිකයා සමාගම් දෙක භාවිතා කරන ඊමේල් වලට සමාන නිල ඊමේල්​ද යවා ඇත” සයිබර් අපරාධ මර්දන දෙපාර්තමේන්තුව විසින් තොරතුරු සහ මූල්‍ය ගනුදෙනු කඩිනමින් ලුහුබැඳ ගිය අතර සැකකරුවන් වංචනික ලෙස ලබාගත් මුදල් සැඟවීමට ගත් උත්සාහයන්​ද හෙළිදරව් විය. “සැකකරුවන් හිතාමතාම රටේ බැංකු ගිණුම් අතර මුල්‍ය හුවමාරු මාලාවක් හරහා එම මුදල සඟවා ඇත.

“සයිබර් අපරාධ මර්දන දෙපාර්තමේන්තුවේ විශේෂඥයින් සැකකරුවන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කර මෙරට සිටි කල්ලි සාමාජිකයින් 43 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Share.

Comments are closed.