හෙට (නොවැම්බර් 12 ඉරිදා), උදෑසන සැලසුම් කර ඇති ප්‍රධාන මාර්ගය වසා දැමීමක් පිලිබද ඩුබායි හි මෝටර් රථ රියදුරන්ට මාර්ග හා ප්‍රවාහන අධිකාරිය විසින්, දැනුම් දීමක් සිදු කර තිබේ . ඒ අනුව, ඩුබායි හි ප්‍රධාන අධිවේගී මාර්ගයක් වන ෂෙයික් සයිඩ් පාර, Dubai Ride පාපැදි ඉසව්වට ඉඩ සැලසීම සඳහා වාහන ගමනාගමනය නවතා ,තාවකාලිකව වසා දමනු ඇත. මෙම වසා දැමීම trade center වටරවුමේ සිට Safa Park අන්තර් හුවමාරුව (2 වන අන්තර් හුවමාරුව) දක්වා විහිදේ.

Sheikh Zayed පාරට අමතරව, පහළ Financial Centre වීදිය සහ trade center වීදිය ද ගමනාගමනය සඳහා වසා තබන බව සදහන්. මාර්ග වසා දැමීමේ

කාලසීමාව තවමත් තහවුරු කර නැත. නමුත් පසුගිය වසරේ තරග කාලය මත පදනම්ව , එම මාර්ග අලුයම 4.00 සිට එදින පෙරවරු 9.00 දක්වා වසා තැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඩුබායි සවාරිය පෙරවරු 6.15 ට ආරම්භ වී පෙරවරු 8.15 ට අවසන් වීමට නියමිතයි.

මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) , රියදුරන්ට තම ගමන් බිමන් කල් වේලා සහිතව සැලසුම් කරන ලෙස උපදෙස් දෙන අතර විකල්ප මාර්ග භාවිතය පිලිබදවද දැනුවත් කර ඇත. එම විකල්ප මාර්ග ලෙස අල් හඩිකා වීදිය, අල් වාස්ල් වීදිය, අල් ඛයිල් පාර, අල් මේදාන් වීදිය, අල් අසයෙල් වීදිය, 2 වන සාබීල් වීදිය, දෙසැම්බර් 2 වැනි වීදිය සහ අල් මුස්තාක්බාල් වීදිය ඇතුළත් වේ.

ඩුබායි ඔටුන්න හිමි කුමරු වන Sheikh Hamdan bin Mohammed bin Rashid Al Maktoum විසින් 2017 දී ආරම්භ කරන ලද “Dubai Fitness Challenge ” (DFC) හි ප්‍රධාන අංගයක් වන Dubai Ride පාපැදි ඉසව්ව විවිධ කුසලතා මට්ටම් සපුරාලන , පාපැදි මාර්ග දෙකකින් සමන්විත වේ. මෙම ඉසව්වට සහභාගිවන්නන් අනාගත කෞතුකාගාරය, ඩුබායි ඇල මාර්ගය, බර්ජ් කලීෆා , ෂෙයික් සයීඩ් පාරේ සහ ඩුබායි නගර මධ්‍යයේ ඇති අනෙකුත් ආකර්ෂණීය ස්ථාන වැනි ඩුබායි හි සුවිශේෂී සන්ධිස්ථාන කිහිපයක් පසුකර පාපැදියෙන් ගමන් කරනු ඇත. පසුගිය වසරේ මෙම තරගය සඳහා පාපැදිකරුවන් 34,897 ක් පැමිණ සිටියහ.

Share.

Comments are closed.