Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Safety»අබුඩාබිය, මාස පහක් තුළ ගිනි ආරක්ෂණ අනතුරු ඇඟවීම් 21,000 කට වඩා නිකුත් කරයි
Safety

අබුඩාබිය, මාස පහක් තුළ ගිනි ආරක්ෂණ අනතුරු ඇඟවීම් 21,000 කට වඩා නිකුත් කරයි

Stanly KularathnaBy Stanly KularathnaNovember 12, 2023Updated:November 12, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ගිනි ආරක්ෂණ රෙගුලාසි පිළිපැදීමට අපොහොසත් වූ අබුඩාබිහි ගොඩනැගිලි සඳහා අබුඩාබි සිවිල් ආරක්ෂක අධිකාරිය විසින් අනතුරු ඇඟවීම් 21,000 කට වඩා නිකුත් කර ඇත.

අධිකාරිය විසින් මෙම වසරේ මැයි සහ ඔක්තෝබර් අතර අබුඩාබි පුරා නේවාසික සහ වාණිජ ගොඩනැගිලි සහ මධ්‍යස්ථාන 10,753ක් පරීක්ෂා කරන ලදී. මේවාට අබුඩාබි නගරයේ ආයතන 6,994ක්, අල් අයින් හි 3,494ක් සහ අල් ඩෆ්රා හි 265ක් ඇතුළත් විය.

පරීක්ෂණ මගින්, ගිනි ආරක්ෂණ අවශ්‍යතාවලට අනුකූල නොවන ගොඩනැගිලි සඳහා අනතුරු ඇඟවීම් 21,271 ක් නිකුත් කිරීමට කටයුතු කර ඇ​ත.

අබුඩාබි හි අනතුරු ඇඟවීම් 16,053 ක් වාර්තා වී ඇති අතර, අල් අයින් කලාපයේ සහ අල් ධෆ්රාහි ගොඩනැගිලි සඳහා පිළිවෙලින් 4,212 සහ 1,006 ක් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

නිවැරදි කිරීම් සඳහා සහන කාලයක් ලබා දී ඇති අත​ර එහි කාලසීමාව හෙළිදරව් කර නැත. දේපල හිමිකරුවන්ට අනුකූල නොවන ගැටළු නිවැරදි කිරීම සඳහා ද කාලය ලබා දී ඇත. මෙම කාලය තුළ දේපළ නිරීක්ෂණය කරන බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි. අබුඩාබි පුරා ගිනි ආරක්ෂණ ප්‍රමිතීන් වැඩි දියුණු කිරීම මෙම පියවරේ අරමුණයි.

අබුඩාබි සිවිල් ආරක්ෂක අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් බ්‍රිගේජ් ජෙනරාල් සලීම් අල් ධහේරි මෙම මුලපිරීම අගය කළේය. අබුඩාබිහි ආරක්‍ෂාව සහ ගිනි වැළැක්වීමේ ප්‍රමිතීන් තක්සේරු කිරීම සහ වැඩිදියුණු කිරීම ඉතා වැදගත් බව ඔහු පැවසීය.

මෙම පරීක්ෂණ වැඩපිළිවෙල ආරම්භ වූයේ අත්‍යවශ්‍ය ආරක්‍ෂිත පියවරයන් කෙරෙහි අවධානය යොමු කරමින් නේවාසික ගොඩනැගිලි, ව්‍යාපාර සහ කාර්මික කලාප පරීක්ෂා කිරීමෙනි. ගොඩනැගිලිවලට ගිනි අනාවරක සහ ගිනි අනතුරු ඇඟවීමේ පද්ධති සවි කිරීමට අවශ්‍ය වන අතර, අනෙකුත් අවශ්‍යතා අතර සිවිල් ආරක්‍ෂක අනුමත සමාගම් සමඟ සේවා ගිවිසුම් පවත්වා ගෙන යන බව ඔහු පැවසීය. අයිතිකරුවන් සහ ආයෝජකයින් සක්‍රීයව පෙර උල්ලංඝනය කිරීම් නිවැරදි කරමින් සිටින බව ද ක්ෂේත්‍ර පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇ​ත.

මැයි මාසයේදී අල් ෆුජයිරා ගුවන්විදුලිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්, පරීක්ෂණ යෝජනා ක්‍රමයේ නියෝජ්‍ය ප්‍රධානී ලුතිනන් කර්නල් අමීර් අල් ඔටයිබි පැවසුවේ ගොඩනැගිලිවල ඇති විය හැකි උපද්‍රවයන් පරීක්ෂා කිරීමට සහ ඉස්මතු කිරීමට මෙම මුලපිරීම මගින් සැලසුම් කර ඇති බවයි.

ගිනි ආරක්ෂණ රෙගුලාසිවලට අනුකූල නොවන ගොඩනැගිලි හිමියන්ට ඩිරාම් 50,000 දක්වා දඩයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඔහු පැවසීය. දැඩි ලෙස අනුකූල නොවීමට එරෙහි​ව, සියලු ගැටළු නිවැරදි කරන තෙක් ගොඩනැගිලි තාවකාලිකව වසා දමනු ලැබේ.

අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛනවලට අනුව, සිවිල් ආරක්ෂක කණ්ඩායම් 2022 දී ගිනි හා සම්භන්ධ සිද්ධීන් 3,000 කට වැඩි ගණනකට ප්‍රතිචාර දක්වා ඇත.

ගොඩනැගිලි ගිනිගැනීම් 2,169 ක්, 2021 දී 2,090 සිට 3% වැඩිවීමක් සහ 2020 දී 1,968 සිට 10% කින් වැඩි වීමක් සිදුව ඇත.

ගිනිගැනීම් බහුතරයක් නේවාසික ප්‍රදේශවල සිදු වූ අතර, සිදිධීන් 1,385 ක් සඳහා විලා සහ මහල් නිවාස හේතු විය.

වාණිජ ගොඩනැගිළිවල තවත් ගිනි 256 ක් ඇති විය, ගොවිප​ළවල 153 සහ පොදු සේවා පහසුකම්වල 122 වශයෙනි. සංඛ්‍යාලේඛනවලට මරණ හෝ තුවාල පිළිබඳ තොරතුරු ඇතුළත් නොවීය. පසුගිය වසරේ අබුඩාබිහි ගිනිගැනීම් 860කට පමණ හදිසි සේවා අංශ ප්‍රතිචාර දක්වා ඇත.

Abu Dhabi Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඉදිකිරීම් ස්ථානවල සොරකම් කිරීමේ අවදානම පිළිබඳව සාජා පොලිසිය අනතුරු අඟවයි
Next Article එක්දින ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද
Stanly Kularathna

Related Posts

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.