එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය අද (12) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ, ප්‍රබල ඉන්දීය කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම සමගය. මෙම තරගය බැංගලූර්හි එම්. චින්නස්වාමි ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතයි. සත්කාරක ඉන්දීය කණ්ඩායම මේ වන විට ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා අවසන් අතර, නෙදර්ලන්ත කණ්ඩායම ලෝක කුසලානයේ තරග 8කට ක්‍රීඩා කර ඉන් තරග දෙකක් පමණක් ජයගෙන ඇත.

මේ අතර එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගය සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි. එම තරගය ලබන 15 වැනි බදාදා මුම්බායි හි වංකඩේ පිටියේදී පැවැත්වෙනු ඇත.

දෙවන අවසන් පූර්ව තරගය දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතයි. එම තරගය ලබන 16 වැනි බ්‍රහස්පතින්දා කොල්කටා හි හි ඊඩන්ගාඩ්න් පිටියේදී පැවැත්වෙනු ඇත.

එක්දින ලෝක කුසලානයේ අවසන් මහා තරගය ලබන 19 වැනි ඉරිදා අහමඩාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට සැළසුම් කර තිබේ.

Share.

Comments are closed.