Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Emirates»ඩුබායිහි එමිරේට්ස්, ඩිරාම් බිලියන 191ක් වටිනා බෝයිං ගුවන් යානා 95ක් ඇණවුම් කරයි
Emirates

ඩුබායිහි එමිරේට්ස්, ඩිරාම් බිලියන 191ක් වටිනා බෝයිං ගුවන් යානා 95ක් ඇණවුම් කරයි

Stanly KularathnaBy Stanly KularathnaNovember 14, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායිහි ප්‍රමුඛතම ගුවන් සේවය වන එමිරේට්ස්, පසුගියදා එක්සත් ජනපද ගුවන් යානා නිෂ්පාදන සමාගමක් ව​න බෝයිං සමඟ ඩිරාම් බිලියන 191ක් වටිනා අමතර පුළුල් බඳක් (wide-body) සහිත ගුවන් යානා 95 ක් සඳහා දැවැන්ත ගනුදෙනුවක් නිවේදනය කළේය.

ඩුබායි එයාර් ෂෝ 2023 ප්‍රදර්ශනයේදී මෙම නිවේදනය සිදු කල අතර එ​ම අවස්ථාව​ට ඩුබායිහි ඔටුන්න හිමි කුමරු සහ විධායක සභාවේ සභාපති ගරු ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය අගමැති, මුදල් අමාත්‍ය සහ ඩුබායිහි නියෝජ්‍ය පාලක ෂෙයික් මක්ටූම් බින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්, ඩුබායි ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ෂෙයික් මන්සූර් බින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්ද සහභාගී විය.

මෙම ගනුදෙනුව පිළිබඳව, එමිරේට්ස් ගුවන් සේවය සහ සමූහයේ සභාපති සහ ප්‍රධාන විධායක ෂෙයික් අහමඩ් බින් සයීඩ් අල් මක්ටූම් සහ බෝයිං සමාග​මේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් නිවේදනය කරන ලදී.

මෙම නව ඇණවුමත් සම​ග එමිරේට්ස් හි සම්පූර්ණ ඇණවුම් තොග​ය ගුවන් යානා 295 දක්වා ඉහළ ගියේය.

එමිරේට්ස් ගුවන් සමාගම විසින් අත්කරගත් වාර්තාගත ලාභය පිළිබඳ පසුගිය සතියේ ප්‍රකාශයෙන් අනතුරුව මෙම නිවේදනය නිකුත් කො​ට ඇත.

2023-24 පළමු භාගය සඳහා එමිරේට්ස් ගුවන් සේවයේ ලාභය පසුගිය වසරේ එම කාල සීමාවේ ලාභය වූ ඩිරාම් බිලියන 4 ට සාපේක්ෂව ඩිරාම් බිලියන 9.4 ක නව වාර්තාවක් සනිටුහන් කළේය. අනෙකුත් මෙහෙයුම් ආදායම ඇතුළුව එමිරේට්ස්හි ආදායම ඩිරාම් බිලියන 59.5 වූ අත​ර පසුගිය වසරේ එම කාලය තුළ වාර්තා වූ ඩිරාම් බිලියන 50.1 සමඟ සැසඳීමේ දී 19% කින් ඉහළ ගොස් ඇත. ගුවන් සේවයේ වාර්තාගත කාර්ය සාධනයට හේතු වී ඇත්තේ වෙළඳපල හරහා ජාත්‍යන්තර සංචාර සඳහා ඇති දැඩි මගී ඉල්ලුම, ඉල්ලුමට සරිලන ධාරිතාව සක්‍රීය කිරීමට සහ පාරිභෝගිකයින්ට විශාල වටිනාකමක් සහ සේවාවන් ලබා දීමට එමිරේට්ස් සතු හැකියාවයි.

සැප්තැම්බර් 30 වන විට, ගුවන් සමාගම එහි සම්පූර්ණ බෝයිං 777 ඇණිය සහ A380 යානා 104ක් භාවිතා කරමින් ගුවන් තොටුපළ 144කට මගී සහ භාණ්ඩ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කළේය.

“එමිරේට්ස්, බෝයිං සමඟ ඩොලර් බිලියන 52 ක් වටිනා අමත​ර පුළුල් බඳක් සහිත ගුවන් යානා සඳහා අපගේ පෙර ඇණවුම ඇතුළුව අමතර 777-9 යානා 55 ස​හ බෝයිං 777-8 යානා 35 සඳහා මිලදී ගැනීමේ ගිවිසුමක් අත්සන් කරන්නෙමු. 777-9 යානා ලබාදීම 2025 සිට ආරම්භ වේ,” ෂෙයික් අහමඩ් මාධ්‍ය හමුවේදී පැවසීය.

එමිරේට්ස් සිය පෙර ඇණවුමේ Boeing 787-9 යානා 30 වෙනුව​ට ඩ්‍රීම්ලයිනර් 35 ක් දක්වා යාවත්කාලීන කරන ලදී.

නව ඇණවුම මගින් එමිරේට්ස් සමාගමට තවත් නගර සම්බන්ධ කිරීමටත්, ඩුබායි හි ආර්ථික න්‍යාය පත්‍රය වන D33 සඳහා සහය වීමටත්, ඉදිරි දශකය තුළ ඩුබායි හි විදේශ වෙළඳ සිතියමට නගර 400ක් එක් කිරීමටත් හැකි වනු ඇතැයි ෂෙයික් අහමඩ් පැවසීය.

“2030 ගණන්වල මුල් භාගය වන විට, එමිරේට්ස්  ඇණිය 350ක් පමණ වනු ඇතැයි අපි අපේක්ෂා කරන අතර, එය ඩුබායි ලොව පුරා තවත් නගරවලට සම්බන්ධ කරයි,” ඔහු එම සාකච්ඡාව අතරතුර පැවසීය.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑක්සත් අරාබි එමීර් රාජ්‍යය​ට ඉදිරි දින 4 වැසි සහිත කාල ගුණ තත්වයක්
Next Article 2024 අය වැය කතාවේ සාරාංශය සහ බදු යෝජනා
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.