Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Construction»එමිරේට්ස් වෙතින් ඩුබායි වර්ල්ඩ් සෙන්ට්‍රල්හි ඩොලර් මිලියන 950 ක දැවැන්ත ඉංජිනේරු සංකීර්ණයක්
Construction

එමිරේට්ස් වෙතින් ඩුබායි වර්ල්ඩ් සෙන්ට්‍රල්හි ඩොලර් මිලියන 950 ක දැවැන්ත ඉංජිනේරු සංකීර්ණයක්

Stanly KularathnaBy Stanly KularathnaNovember 14, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස්, ඩුබායි වර්ල්ඩ් සෙන්ට්‍රල් (DWC) හි අති නවීන ඉංජිනේරු පහසුකම් සහිත ඉදිකිරීමක් සඳහා ඩොලර් මිලියන 950 ක දැවැන්ත ආයෝජනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

වර්ග මීටර් මිලියනයක් පුරා විහිදෙන මෙම ඉංජිනේරු සංකීර්ණය, ඩුබායිහි ගුවන් සේවා යටිතල පහසුකම් නංවාලමින් ලොව ඕනෑම ගුවන් සමාගමක් විසින් මෙහෙයවනු ලබන මේ ආකාරයේ විශාලතම සහ වඩාත්ම දියුණු සංකීර්ණය වනු ඇත.

2040 දශකය දක්වා ගුවන් සමාගමේ ගුවන් යානා ඇණිය සහ මෙහෙයුම් අවශ්‍යතා සපුරාලීම සඳහා විශේෂයෙන් නිර්මාණය කෙරෙන මෙම පහසුකම මගින් අනෙකුත් ගුවන් සේවා ක්‍රියාකරුවන්ටද සේවාවන් ලබා දිය හැකි විභව ධාරිතාව සමගින් මැදපෙරදිග වාණිජ ගුවන් ඉංජිනේරු සේවා සඳහා විශිෂ්ට ගන​යේ මධ්‍යස්ථානයක් ලෙස ද ක්‍රියා කරනු ඇත.

එමිරේට්ස්හි මෙම නව ඉංජිනේරු සංකීර්ණයේ පළමු අදියර​යේ ඉදිකිරීම් 2024 වස​රේදී ආරම්භ කිරීමට නියමිතය. “මෙම විශාල ආයෝජනය එමිරේට්ස් සහ ගුවන් සේවා අංශයේ අනාගත වර්ධනය කෙරෙහි අපගේ විශ්වාසය සනිටුහන් කරයි. මෙම නව පහසුකම මගින් එමිරේට්ස්හි නඩත්තුව, අලුත්වැඩියාව, නැවත සකස් කිරීම (MRO) සහ අපගේ ගුවන් යානා ඇණිය සඳහා අවශ්‍ය සියලුම ඉංජිනේරු අවශ්‍යතා සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම ස්වයංපෝෂිත වීමට හැකි වේ.” එමිරේට්ස් එයාර්ලයින් සහ සමූහයේ සභාපති, ප්‍රධාන විධායක ෂෙයික් අහමඩ් බින් සයීඩ් අල් මක්ටූම් පැවසීය.

“එය අපට මෙහෙයුම් ස්ථාවරත්වය සහ නම්‍යශීලී බව සඳහා තත්ත්ව සහතිකයක් ලබා දෙයි. කලාපයේ ගුවන් සේවා අංශයේ ප්‍රක්ෂේපිත වර්ධනයත් සමඟ එමිරේට්ස්හි නව ඉංජිනේරු පහසුකම ගුවන් සේවා සැපයුම හරහා ගෝලීය ක්‍රියාකරුවන්ගේ සහභාගීත්වය ආකර්ෂණය කර ගනිමින් විශිෂ්ට ගන​යේ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇත. මෙමගින් දක්ෂ තාක්ෂණික රැකියා දහස් ගණනක් නිර්මාණය වන අතර ඩුබායි ආර්ථිකයට වටිනාකමක් එක් කෙරෙනු ඇත.”

ගුවන් සමාගමේ මෙම නව ඉංජිනේරු පහසුකම හරහා පුළුල් පරාසයක විශේෂඥ ගුවන් යානා ඉංජිනේරු සේවා හැසිරවීම, සාමාන්‍ය ගුවන් යානා පරීක්ෂා​ව, නියමිත තීන්ත ආලේප​න කටයුතු, සැහැල්ලු සිට බර නඩත්තු වැඩසටහන්, එන්ජින් අළුත්වැඩියා කිරීම සහ පරීක්ෂා කිරීම, සම්පූර්ණ මැදිරි අභ්‍යන්තර සවි කිරීම් සහ ගුවන් යානා පරිවර්තනය (aircraft conversions) ඇතුළු පුළුල් පරාසයක ඉංජිනේරු සේවා හැසිරවීමට හැකියාව ලැබේ.

“පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු 2024 දී ආරම්භ කර 2027 දී අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. එමිරේට්ස් ගුවන් සේව​යේ වර්ධනයට සහ මෙහෙයුම් අවශ්‍යතාවලට අනුකූලව, දෙවන අදියරේ ධාරිතාව දෙගුණ කළ හැකි වන ලෙ​ස තවදුරටත් පුළුල් කිරීම් සඳහා ප්‍රතිපාදන සලසා ඇත” පහසුකම්, ව්‍යාපෘති කළමනාකරණ, සමූහ ප්‍රසම්පාදන සහ සැපයුම් දාමය සඳහා එමිරේට්ස් සමූහයේ විධායක උප සභාපති අලි මුබාරක් අල් සූරි පැවසීය.

“නව එමිරේට්ස් ඉංජිනේරු සංකීර්ණය, එහි සැලසුමට තිරසාරත්වය ඇතුළත් කරන අතර, සංකීර්ණය පුරා හරිත ඉදිකිරීම් ද්‍රව්‍ය (green build materials) භාවිතය, මුළු සංකීර්ණය පුරා වහල මත සූර්ය පැනල සවි කිරීම සහ තෙල් සහ අපජලය සඳහා ප්‍රතිචක්‍රීකරණ පද්ධති සැකසීම ඇතුලත්​වේ”

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAEහි සිවිල් ආරක්ෂක වාහනවලට බාධා කිරීම​ට එරෙහි​ව ඩිරාම් 50,000​ක දඩයක්
Next Article Flydubai, ඩොලර් බිලියන 11 ක බෝයිං ගුවන් යානා 30ක් ඇණවුම් කරයි
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.