එක්දින ක්‍රිකට් පිටියේ ශතක 50ක් රැස්කළ ලොව පළමු හා එකම පිතිකරුවා බවට ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි වාර්තා අතරට එක්විය. ඒ ලෝක කුසලාන තරගාවලියේ පළමුවැනි අවසන් පූර්ව තරගයේදී නවසීලන්තයට එරෙහිව පන්දු 113කදී ලකුණු 117ක් රැස්කරමිනි.

ඒ අනුව එක්දින ක්‍රිකට් පිටියේ ශතක වැඩිම ප්‍රමාණයක් රැස්කරමින් සචින් තෙන්ඩුල්කර් (ශතක 49) පිහිටුවා තිබූ වාර්තා බිඳ වැටුණි.

මෙම ලකුණු 113ත් සමගින් විරාත් කෝලි මෙවර ලෝක කුසලාන තරගාවලියේදී මේ දක්වා ලකුණු 711 ක් රැස්කළ අතර එය ලෝක කුසලාන ඉතිහාසයේ එක් ලෝක කුසලාන තරගාවලියකදි පිතිකරුවෙක් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව​ද වෙයි.

මෙම ලෝක කුසලාන තරගාවලියේදී විරාත් කෝලි ලකුණු අවස්ථා 8කදී ලකුණු 50 සීමාව ඉක්මවා ගිය අතර ලෝක කුසලාන තරගාවලියකදී එවැනි දක්ෂතාවක් දැක්වූ පළමු පිතිකරු කෝලි වෙයි.

මෙවර තරගාවලියේදී මේ දක්වා රෝහිත් ෂර්මා හයේ පහර 51ක් වාර්තා කර ඇති අතර ඒ අනුව ලෝක කුසලාන තරගාවලියදි වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ පිතිකරු ලෙස රෝහිත් වාර්තා අතරට එක්විය.

මෙම තරගයේදී ඉන්දීය කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 397ක ලකුණු ප්‍රමාණයක් රැස්කරමින් නවසීලන්තයට ලකුණු 398ක දැවැන්ත ඉලක්කයක් ලබාදුන්නේය.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විරාත් කෝලි හා ෂෙර්යාස් අයියර් තෙවැනි කඩුල්ල වෙනුවෙන් සාර්ථක ලකුණු 217ක සබඳතාවක් පැවැත්වීය. ශෙර්යාස් අයියර් පන්දු 70කදී වේගවත් ලකුණු 105ක් රැස් කළේය.

ශුන් ගිල් පන්දු 60කදී නොදැවී ලකුණු 80ක් රැස් කළේය.

Share.

Comments are closed.