Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Tourism»සංචාරක ආකර්ශණය වැඩිදියුණු කිරීමට, හත්තා කඳුකර ප්‍රදේශයට කේබල් කාර් ව්‍යාපෘතියක්
Tourism

සංචාරක ආකර්ශණය වැඩිදියුණු කිරීමට, හත්තා කඳුකර ප්‍රදේශයට කේබල් කාර් ව්‍යාපෘතියක්

Stanly KularathnaBy Stanly KularathnaNovember 20, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි විදුලිබල හා ජල අධිකාරිය, (DEWA) 25 වන ජල, බලශක්ති, තාක්ෂණ සහ පරිසර ප්‍රදර්ශනයේ දී  හෙලිකලේ, හත්තා හි ජල විදුලි බලාගාරයේ වැඩකටයුතු නිම කිරීමත් සමග එය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් ලෙස පමණක් නොව නව ප්‍රධාන සංචාරක ආකර්ෂණ ස්ථාන දෙකක් නිර්මාණය කර​න බවයි.

පළමුවැන්න හත්තා තිරසාර දියඇලි ව්‍යාපෘතියක් වන අතර අනෙක කිලෝමීටර් 5.4ක් දිග කේබල් කාර් ව්‍යාපෘතියකි. එය මුහුදු මට්ටමේ සිට මීටර් 1,300ක් උසින් පිහිටි උම් අල්-නෙසූර් කඳු මුදුනට සංචාරක​යන් රැගෙන යනු ඇත.

තිරසාරත්වය සහ පරිසර සංචාරක ව්‍යාපෘතිය ඉහත කී ව්‍යාපෘති සමඟ එක් වෙන අත​ර සංචාරක​යන්​ට රට තුළ පිරිසිදු බලශක්තිය ලබා ගන්නේ කෙසේදැයි නිරීක්ෂණය කිරීම​ට පමණක් නොව සොබාදහම සමඟ සන්නිවේදනය කිරීමට ද අවස්ථාවක් උදාවෙනු ඇත.

DEWA පවසන පරිදි ජල විදුලි බලාගාරයේ ඉහළ වේල්ලේ බෑවුම දිය ඇල්ලක් නිර්මාණය කිරීමට යොදා ගනී. ඇළේ කෙළවරට ජලය එක්රැස් කර ප්‍රතිචක්‍රීකරණය මගින් නැවත වේල්ල මුදුනට පොම්ප කරනු ලැබේ. මෙමගින් ජල විදුලි බලාගාරය සඳහා සම්පත් කාර්යක්ෂම හා තිරසාර භාවිතය සහතික කරනු ඇත.

සමතුලිත ස්වාභාවික ජලජ ජීවීන් සඳහා නිර්මාණය කර ඇති විලකින් අවසන් වන ජල ඇළක්​ද ඒ හරහා පාලම් මගින් සම්බන්ධ කරන ලද ක්ෂේම භූමියක් ඇත. ඇළේ ඇති කරන මත්ස්‍යයන් සංචාරකයින්​ගේ සහ වැසියන්​ගේ ආකර්ෂණයට ලක් ​වනු ඇත. මෙහි ළමා ක්‍රීඩා පිටියක්, වෙළඳසැල් මෙන්ම අවන්හල් ද ඇත.

කේබල් කාර් මාර්ගය, හත්තා ජල විදුලි බලාගාරය සඳහා වේල්ල, වැව සහ ඉහළ වේල්ල හරහා ගමන් කරනු ඇත. එය ඩුබායි හි පිහිටි උසම ස්වභාවික කඳුමුදු​න වන උම් අල්-නෙසූර් හිදී අවසන් වන කඳු හරහා ඉදිරියට යනු ඇත.

හජාර් කඳු වැටියෙන් වට වූ ඩුබායි මවුන්ටන් පීක් කේබල් රථ සඳහා නැවතුම් ස්ථාන තුනක් ඇත. පහළ වේල්ලෙහි මූලික ස්ථානය පිහිටා ඇති අත​ර ඉහළ ජලාශයේ දෙවන ස්ථානය සහ මීටර් 1,300 ඉහල උම් අල්-නෙසූර් කඳු මුදු​නෙහි තුන්වන ස්ථානය පිහිටා ඇත.

DEWA හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී, WETEX සහ Dubai Solar Show හි නිර්මාතෘ සහ සභාපති Saeed Mohammed Al Tayer පසුගියදා මාධ්‍ය හමුවකදී පැවසුවේ මෙගාවොට් 250 ක හත්තා ජල විදුලි බලාගාරය GCC කලාපයෙහි එවැනි ආකාරයේ ප්‍රථම බලාගාරය වන අතර එය වසරක් ඇතුළත ක්‍රියාත්මක වනු ඇති බවයි.

සම්පූර්ණ වූ පසු, බලාගාරය මෙගාවොට් 250 ක නිෂ්පාදන ධාරිතාවකින් සහ මෙගාවොට් පැය 1,500 දක්වා ගබඩා කිරීමේ ධාරිතාවයකින් යුක්ත වේ. ඩොලර් බිලියන 1.42 ක වියදමින් ඉදිකෙරෙන ව්‍යාපෘතියේ ආයු කාලය වසර 80 ක් වේ. එය 2050 වන විට ඩුබායි හි සමස්ත බලශක්ති නිෂ්පාදන ධාරිතාවයෙන් 100% ක් පිරිසිදු බලශක්ති ප්‍රභවයන්ගෙන් සැපයීම අරමුණු කරගත් ඩුබායි පිරිසිදු බලශක්ති උපායමාර්ගය 2050 සාක්ෂාත් කර ගැනීමට DEWA හි උත්සාහයේ කොටසකි.

රාත්‍රියේදී හෝ කාර්යබහුල නොවන වේලාවන්හිදී, දියුණු ටර්බයින මගින් වේල්ලේ සිට ඉහළ ජලාශයට ජලය පොම්ප කිරීම සඳහා පිරිසිදු ශක්තිය භාවිතා කරනු ඇත. ඉහළ ජලාශයේ සිට දිය ඇල්ලේ වේගය අනුව ක්‍රියාත්මක වන ටර්බයින කිලෝමීටර් 1.2 ක භූගත ජල ඇළක් හරහා විදුලිය නිපදවීමට භාවිතා කරන අතර බලශක්ති උත්පාදනයේ ඉහළ කාර්යක්ෂමතාව සහ 78.9% දක්වා ගබඩා කිරීම සහ විදුලි ඉල්ලුමට තත්පර 90 ක ප්‍රතිචාරයක් ඇත.

පාරිසරික ආකර්ෂණ ස්ථාන දෙක නිම කිරීම සඳහා තවමත් කාලසීමාවක් නිවේදනය කො​ට නොමැත. හත්තා තිරසාර දියඇලි ව්‍යාපෘතියේ වටිනාක​ම ඩොලර් මිලියන 46ක් වන අතර, ඩුබායි මවුන්ටන් පීක් කේබල් කාර් ඉදිකිරීම සඳහා ලංසුකරුවන්ට සහ කොන්ත්‍රාත්කරුවන්ට DEWA විසින් ටෙන්ඩරයක් නිකුත් කරනු ඇත.

දේශීය ව්‍යාපාර නංවාලීමට සහ හත්තා ප්‍රදේශයේ පදිංචිකරුවන්ට රැකියා අවස්ථා ලබාදීමට ද මෙම ව්‍යාපෘති​ය සැලසුම් කර ඇත. ව්‍යාපෘති​ය ක්‍රියාත්මක කරන කඳුකරයේ පිහිටි සිල්ලර වෙළඳසැල් එමරාති ජාතිකයන් වෙත නොමිලේ ලබා දෙන බව Dewa කලින් නිවේදනය කළේය.

පෙර ප්‍රකාශයක දී, Al Tayer පාරිසරික ව්‍යාපෘතිවල වැදගත්කම අවධාරනය කළේය. ඔහු පැවසුවේ, “අතී නවීන තාක්‍ෂණය උපයෝගී කරගනිමින් සහ හත්තා කලාපයේ අද්විතීය භූ විද්‍යාව සැලකිල්ලට ගනිමින්, අපි ඉහළම ජාත්‍යන්තර පාරිසරික ප්‍රමිතීන්ට අනුකූලව දිය ඇලි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නෙමු.” ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “අපගේ අරමුණ වන්නේ හත්තා කඳු රක්ෂිතය සංරක්ෂණය කිරීම සහ ව්‍යාපෘතිය, එහි වටපිටාව සමඟ සමපාත කිරීමයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරකයින් සඳහා අද්විතීය අත්දැකීමක් ලබා දීමට සහ කඳුකර කලාපයේ සුන්දරත්වය පෙන්වීමට අපට අවශ්‍යයි.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅබුඩාබි මැරතන් තරගය දෙසැම්බර් 16 වැනිදා : ධාවකයන් 23,000ක්
Next Article 6 වැනි වරටත් ලෝක ක්‍රිකට් කිරුළ  කැන්ගරුවන්ගේ සියතට.
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.