Black Friday දිනයෙන් ආරම්භ වන 3 day Super sale අත්දැකීම නොවැම්බර් 24 වන දා ආරම්භ වීමට නියමිතය.
නොවැම්බර් 24 වන සිකුරාදා සිට 26 වන ඉරිදා දක්වා පුරා දින 3ක්, ඩුබායි හි ජනතාවට මෙම super sale වාසිය ලබා ගත හැකිය. මෙම තෙදින සුපිරි අලෙවියෙන් සිල්ලර වෙළෙන්දන් නිෂ්පාදන ‍රැසකට, සියයට 90ක් දක්වා වට්ටම් ලබා දෙනු ඇත. ඩුබායි පුරා වෙළඳසැල් 2,000කට වැඩි ගණනක් මීට සහභාගී වන අතර ජනප්‍රිය වෙළෙඳ සන්නාම 500කට අධික සංඛ්‍යාවක් මෙම ව්‍යාපාරයට සම්බන්ධ වේ.

අබුඩාබි නගරයේද වෙළඳ ආයතන 27 කට වඩා වැඩි ප්‍රමාණයක්, 80% ක වට්ටම් ලබා දීමට සැලසුම් කර තිබෙන බව සදහන්ය.
මෙම තුන්දින Super sale අත්දැකීම වසරකට දෙවරක් පැවැත්වෙන අතර ඇඳුම් පැළඳුම්,  ඉලෙක්ට්‍රොනික උපාංග, රූපලාවන්‍ය නිෂ්පාදන සහ ගෘහ උපකරණ ඇතුළු විවිධ  නිෂ්පාදන වලට මෙම වට්ටම් හිමිවනු ලැබේ.
Black Friday දිනයට සමගාමීව ඔන්ලයින් වෙළඳ  ගනුදෙනු නොවැම්බර් 21 දා ආරම්භ වූ අතර බොහෝ ප්‍රචාරණ නොවැම්බර් 28 දක්වා ක්‍රියාත්මකය.
වට්ටම් වලට අමතරව, බොහෝ වෙළඳ සංකීර්ණවල ප්‍රවර්ධන තරඟ ද ක්‍රියාත්මක බව වාර්තා වේ.
සති අන්තය පුරාවට, ඩුබායි හි සාප්පු සංකීර්ණ  හරහා ලබා දෙන විශේෂ දීමනා, Visit Dubai  වෙබ් අඩවියට පිවිසීමෙන් සොයා ගත හැකිය.

Share.

Comments are closed.