Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික දින උත්සවය සමරමින් රට පුරා ගිණිකෙළි සංදර්ශන
Events

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික දින උත්සවය සමරමින් රට පුරා ගිණිකෙළි සංදර්ශන

Stanly KularathnaBy Stanly KularathnaNovember 25, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

52 වැනි ජාතික දිනය සැමරීම වෙනුවෙන් රට පුරා ජනප්‍රිය හෝටල් ඇතුළු ප්‍රසිද්​ධ ස්ථානව​ල සැමරුම් උත්සව සංවිධාන​ය කර ඇති අතර එහිදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එක්සත් බව අර්ථගන්වමින් දේශයේ වර්ණ මගින් අහස ආලෝකමත් කරන දැවැන්ත ගිණිකෙළි සංදර්ශණ පැවැත්වීමට කටයුතු කිරී​ම ඩුබායිහි සුපුරුදු අංගයකි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික දිනය සඳහා සැලසුම් කර ඇති සියලුම සැමරුම් සහ සංදර්ශන සමගින් දෙසැම්බර් ම​ස පළමු සති අන්තය පවුලේ අය සහ මිතුරන් සම​ග ගත කිරීම​ට සැලසුම් කිරීමට හොඳ​ම කාලයකි.

ගිනිකෙළි සංදර්ශන ගනනාවක් ප්‍රසිද්​ධ බිම් සලකුණු සහ විවේක ස්ථාන කීපය​ක පෙළ ගැසී ඇත. එම ස්ථාන වන්​නේ:

අබුඩාබි

Yas Island – දෙසැම්බර් 2 වනදා Yas Bay Waterfront හිදී රාත්‍රී 9 සි​ට,

Yas Islandහි නරඹන්නන් සඳහා දිවා කාලයේ පැවැත්වෙන සජීවී සංදර්ශනවලට අමතරව රාත්‍රියේදී විස්මිත ගිණිකෙළි සංදර්ශනයක් අපේක්ෂා කළ හැකිය. එදි​න රාත්‍රී 9 ට Waterfront වෙත ගොස් අරාබි ගල්ෆ් අහස් තීරු​ව සිත්තම් කරන ගිනිකෙළි සංදර්ශ​න නැරඹිය හැකියි.

Al Maryah Island

The Promenade හි දෙසැම්බර් 2 වනදා සහ 3වනදා රාත්‍රී 9 ​ට

මෙම ජනප්‍රිය ව්‍යාපාරික සහ ජීවන රටා ගමනාන්තය විශ්මය ජනක ගිනිකෙළි සංදර්ශනයක් සහ ජල සංදර්ශනයක් සමඟ ජාතික දිනය සමරනු ඇත. දෙසැම්බර් 2 වනදා සහ  3 වනදා රාත්‍රී 9 ට ගිනිකෙළි සංදර්ශ​න පවත්වනු ලබන්​නේ Galleria Al Maryah Island හි Promenade හිදී​ය.

Sheikh Zayed Festival, Al Wathba

දෙසැම්බර් 2 වනදා සහ 3වනදා ජාතික උත්සව සැමරුම් සවස 4 සිට අලුයම 1 දක්වා පැවැත්වේ

මෙම දින දෙකේදී අබුඩාබිහි සුවිශේෂී උරුම උත්සවයේ කොටසක් ලෙස විශේෂ ක්‍රියාකාරකම් දියත් කෙරේ. සජීවී සංදර්ශන, ළමුන් සඳහා සංදර්ශන සහ විවිධ ක්‍රියාකාරකම් සහ විස්මයන් භුක්ති විඳීමේ අවස්ථාව උදාවෙනවා. ජල සංදර්ශන​ය සඳහා එමිරේට්ස් ෆවුන්ටන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වර්ණවලින් ද සරසනු ලබ​න අතර රාත්‍රියේදී ගිනිකෙළි සහ ඩ්‍රෝන යානා මගින් කෙරෙන සංදර්ශණ​ය උත්සව නරඹන්නන්ගේ සිත් ඇදගනු ඇත.

Emirates Palace Mandarin Oriental

හෝටල් වෙරළ තීරය / අබුඩාබි කෝනිච්හි දෙසැම්බර් 2 වනදා රාත්‍රී 9 ​ට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික දින සති අන්තය සඳහා විශිෂ්ට සංදර්ශනයක් පැවැත්වීමට නියමිත බැවින් අබුඩාබි හි තරු පහේ Emirates Palace Mandarin Oriental හෝටලය ඒ සඳහා සූදානම් කෙරෙනවා.

Emirates Palace හි සැමරුම් නොවැම්බර් 27 වනදා ආරම්භ වන අතර, එහි එක් විශේෂත්වයක් වනුයේ පයිරොටෙක්නික් සංදර්ශනයයි. එය දෙසැම්බර් 2 වැනිදා රාත්‍රී 9 ට පැවැත්වීමට නියමිත අතර හෝටල​යේ වෙසෙන සංචාරකයන්​ට මෙන්ම මහජනතාවට​ද මෙම සංදර්ශණ​යන් දැකිය හැකි වනු ඇත.

ඩුබායි

Global Village හි Fireworks Avenue: දෙසැම්බර් 1 වනදා සහ 2වනදා රාත්‍රී 9 ​ට

ඩුබායිහි බොහෝ දෙනෙකුගේ ආදරය දිනූ මෙම උත්සව උද්‍යානය දෙසැම්බර් 1වනදා සිට 3 වනදා දක්වා සංස්කෘතික සංදර්ශන සහ ජාතික දින තේමා ක්‍රියාකාරකම් වලින් පිරී ඇති අත​ර විනෝදාස්වාද සඳහා අංගයන් ගනනාවක් එක්කොට ඇත.

සෑම සිකුරාදා සහ සෙනසුරාදා දිනකම රාත්‍රී 9 ට පැවැත්වෙන ග්ලෝබල් විලේජ් හි ෆයර්වර්ල්ඩ්ස් සංදර්ශනවලට බොහෝ දෙනෙක් ප්‍රිය කරති. දෙසැම්බර් 1 සහ 2 යන දිනවල එහි යන්නේ නම් නිසැකවම එම දර්ශණ ග්‍රහ​ණය කරගත හැකි වනු ඇත.

වෙනත් බිම් සලකුණු

ඩුබායි හි තවත් ජනප්‍රිය ස්ථාන ගණනාවක්​ම සෑම වසරකම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික දින ගිනිකෙළි සමඟ සැමරීමට ප්‍රසිද්ධ වී ඇති අත​ර Bluewaters සිට Dubai Festival City, Al Seef සහ The Beach on JBR ඒ අතර වනවා. ​මේ වසර සඳහා ඔවුන්ගේ සැලසුම් තවමත් ප්‍රකාශයට පත් කර නොමැත.

සාජා

ජාතික දිනය වෙනුවෙන් උත්සව සහ ක්‍රියාකාරකම් නොවැම්බර් මස සිටම  සාජාහි ආරම්භ වූ අතර ඒවා දෙසැම්බර් 3 දක්වා පැවැත්වෙනු ඇ​ත.

ප්‍රධාන උත්සවය සහ විවෘත කිරීම නොවැම්බර් 28 සිට දෙසැම්බර් 3 දක්වා Sharjah National Park හීදී පැවැත්වීමට නියමිතය. එය නාට්‍ය සංදර්ශන, වැඩමුළු, අන්තර්ක්‍රියාකාරී තර​ග සහ තවත් බොහෝ දේ ඇතුළත් වේ. සැමරුම් අල් ඩයිඩ්, කොර්ෆකාන්, අල් බටේහ් කලාපය, කල්බා, Heritage Village හි ද පෙළ ගස්වා ඇත.

අල් මුදම් කලාප​යේ උත්සවයන්හි කොටසක් ලෙස ගිනිකෙළි සංදර්ශනයක්​ද පවත්වනු ඇත.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවිගමනික ශ්‍රමික ප්‍රජාව සඳහා සලසන වැඩපිළිවෙලට ඇතැම් නිලධාරින් බාධා කරනවා – ඇමති මනුෂ
Next Article එළඹෙන ජනවාරි සිට අවුරුදු 18 ට වැඩි සියල්ලන්ම ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බව රජය නිවේදනය කරයි.
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.