Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Cyber»රැකියා සොයන්නන් ඉලක්ක කරගත් ​මාර්ගගත වංචාවන් පිළිබඳව අබුඩාබි පොලිසිය මහජනතාවට අනතුරු අඟවයි
Cyber

රැකියා සොයන්නන් ඉලක්ක කරගත් ​මාර්ගගත වංචාවන් පිළිබඳව අබුඩාබි පොලිසිය මහජනතාවට අනතුරු අඟවයි

Stanly KularathnaBy Stanly KularathnaNovember 26, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මූල්‍ය අලාභ හා වෙනත් රැවටීම්වලට තුඩු දෙන, නොම​ග යවන උපක්‍රම හරහා නොසැලකිලිමත් වින්දිතයින් පොළඹවා ගැනීමට නවීන තාක්ෂණික ක්‍රම වැඩි වැඩියෙන් භාවිතා කරන වංචාකරුවන් සහ වංචාකාරී රැවටිලි ක්‍රම පිළිබඳව අබුඩාබි පොලිසිය මහජනතාවට අනතුරු අඟවා ඇත.

වංචනික ඇමතුම්, නොමඟ යවන සබැඳි ඇතුලත් කෙටි පණිවුඩ, බෙදාහරි​න ව්‍යාජ විද්‍යුත් වෙබ් අඩවි, රාජ්‍ය ආයතන ඉතා සූක්ෂ්ම ලෙස අනුකරණය කරමින් මහජනතාව රැවටීම, වංචනිකයින් විසින් භාවිතා කරන රැවටිලිකාර උපක්‍රම කීපයකි. මෙම උපක්‍රම මගින් ප්‍රජාවට සැලකිය යුතු තර්ජනයක් එල්ල කරන අත​ර සංවේදී තොරතුරු උකහා ගැනීම හෝ ව්‍යාජ සේවා සඳහා පෙළඹවීම් කරමින් පුද්ගලයන් සම්බන්ධ කර ගැනීම අරමුණු කර ඇති බව අබුඩාබි පොලිසිය පවසයි.

මාර්ගගත සාප්පු සවාරි

විදේශයන්හි සිට නැව්ගත කිරීම් සඳහා රක්ෂණ වියදම් පියවා ගැනීම, සුරතල් සතුන් විකිණීමට ඉදිරිපත් කරන ‘ව්‍යාජ’ වෙබ් අඩවි සහ වෙළඳ දැන්වීම් පිළිබඳව ප්‍රවේශම් වන ලෙස පොලිසිය මහජනතාවට උපදෙස් දෙයි. මෙම රැවටිලිකාර දැන්වීම් අන්තර්ජාලය, සමාජ ජාල වෙබ් අඩවි සහ යෙදුම් හරහා බෙදා හරිනු ලබයි. සොරකම් සහ වංචා සඳහා පහසුකම් සැලසීමේ චේතනාවෙන් නිර්මාණය කරන ලද බැංකු ගිණුම් වෙත අරමුදල් යැවීමට හෝ දේශීය හා ජාත්‍යන්තරව බලපත්‍රලාභී විනිමය සමාගම් හරහා අරමුදල් මාරු කිරීම් කරනා ලෙස ඉල්ලා සිටිමින් වින්දිතයින්ට බල කෙරේ.

ව්‍යා​ජ රැකියා

“ව්‍යාජ රැකියා” යෝජනා ක්‍රම පිළිබඳව විමසිලිමත්ව සහ ප්‍රවේශම් වන ලෙස රැකියා අපේක්ෂකයින්ගෙන් පොලිසිය ඉල්ලා සිටී. වංචනිකයින්, නීත්‍යානුකූල බඳවා ගැනීමේ ආයතන ලෙස පෙනී සිටිමින් රැකියා අවස්ථා සඳහා අයදුම්කරුවන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවයි පොලිසිය පවසන්නේ.

රහසිගත තොරතුරු

ගිණුම් හෝ කාඩ්පත් විස්තර, මාර්ගගත බැංකු මුරපද, ATM PIN, කාඩ්පත් ආරක්ෂක අංක (CCV) හෝ මුරපද වැනි රහස්‍ය තොරතුරු කිසිවිටෙක තවෙකෙකු සමග බෙදා නොගන්නා ලෙස අබුඩාබි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. නීත්‍යානුකූල බැංකු සේවකයින් එවැනි සංවේදී තොරතුරු කිසිවිටෙකත් ඉල්ලා නොසිටින බව පොලිසිය අවධාරණය කලේය.

මෙම වංචනික ක්‍රමවලට එරෙහිව සටන් කිරීමට සහ එ​ම අනතුරුවලින් ප්‍රජාව ආරක්ෂා කිරීමට, තොරතුරු ඉල්ලා තමන්ට ලැබෙන ඕනෑම නිර්නාමික ඇමතුමක් වාර්තා කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී. අංක 8002626 අමන් සේවාව ඇමතීමෙන් හෝ 2828 ට කෙටි පණිවිඩයක් යැවීමෙන් මේ සම්භන්ධව වාර්තා කළ හැක.

Abu Dhabi Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑළඹෙන ජනවාරි සිට අවුරුදු 18 ට වැඩි සියල්ලන්ම ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බව රජය නිවේදනය කරයි.
Next Article 52 වැනි ජාති​ක දින සැමරුම් සඳහා පොලිසිය දැඩි මාර්ගෝපදේශ නිකුත් කරයි
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.