නවත​ම සමීක්ෂණයකට අනුව විදේශිකයන්ට ජීවත් වීමට සහ වැඩ කිරීමට ලෝකයේ හොඳම සිව්වන නගරය ලෙස රසල් කයිමා නගරය පත්වී තිබෙනවා. මෙහි ඇති විශේෂත්වය වන්​නේ රසල් කයිමා නගරය ඩුබායි සහ අබුඩාබි නගරද අභිබවා ගොස් තිබීමයි.

මෙමගින්, රසල් කයිමා නගරය ප්‍රමුඛ ගෝලීය ගමනාන්තයක් බවට පත්වීමේ ගමනේ සැලකිය යුතු සන්ධිස්ථානයක් අත්කර ගෙන තිබෙනවා

Expat City Ranking 2023 වාර්තාවේ කොටසක් ලෙස InterNations විසින් වාර්ෂිකව පවත්වනු ලබන සමීක්ෂණයේදී, එය කාණ්ඩ පහක් යටතේ විශිෂ්ටත්වයට පත් විය:

  • ජීවිතයේ ගුණාත්මකභාවය
  • පදිංචි වීමේ පහසුව
  • පිටරට රැකියා
  • පෞද්ගලික මූල්‍ය
  • Expatriate essentials index – ඩිජිටල් ජීවිතය, පරිපාලන​ය, නිවාස සහ භාෂාව ඇතුළුව

මෙම ජාත්‍යන්තර පිළිගැනීම මගින් රසල් කයිමාහි උත්තරීතර කවුන්සිලයේ සාමාජික සහ පාලක ෂෙයික් සවුඩ් බින් සකර් අල් කස්මි ගේ උපායමාර්ගික දැක්මට අනුව එහි විවිධ සහ වර්ධනය වන විදේශික ප්‍රජාව සඳහා සුවිශේෂී ජීවන සහ සේවා පරිසරයක් සැපයීමට ඇති කැපවීම ඉස්මතු කරයි.

එමිරේට්ස් රජයේ මාධ්‍ය කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් හේබා ෆටානි පැවසුවේ, “මෙම ජයග්‍රහණයෙන් පිළිබිඹු වන්නේ ලොව පුරා සිටින මිනිසුන් ආකර්ෂණය කරන ආරක්ෂිත, ආගන්තුක සත්කාර සහ සමෘද්ධිමත් සමාජයක් නිර්මාණය කිරීමට රසල් කයිමා හි කැපවීම සහ එහි නායකත්වයේ මඟ පෙන්වීමයි.”

“රසල් කයිමාහි නවීන යටිතල පහසුකම්, පොහොසත් ඉතිහාසය සහ සංස්කෘතිය, දර්ශනීය ස්වභාවික පරිසරය සහ පිරිනමන ආර්ථික අවස්ථාවන්​ගේ අද්විතීය සම්මිශ්‍රණය විදේශිකයන්ට ජීවත් වීමට, වැඩ කිරීමට සහ ආයෝජනය කිරීමට කදිම ගමනාන්තයක් ලෙස එහි ස්ථාවරයට දායක වේ.”

Expat Essentials Index හි ඉහළම ශ්‍රේණිගත කිරීමක් ලබා ගනිමින්, රසල් කයිමාහි ජීවිත​ය ආරම්භ කිරීම පහසු බව විදේශිකයන් පවසන නගරයක් ලෙස ස්ථාපිත වී ඇත.

78%කට වීසා බලපත්‍රයක් ලබා ගැනීමේ ගැටලුවක් නොතිබුණි. රසල් කයිමාහි විදේශිකයන් දස දෙනෙකුගෙන් හත්දෙනෙකු පමණ පවසන්නේ නිවාස දැරිය හැකි මිලකට සහ පහසුවෙන් සොයා ගත හැකි බවයි.

ස්පාඤ්ඤ​යේ නගර වන Malaga, Alicante සහ Valencia වලට පසුව රසල් කයිමා සිව්වන ස්ථානයට පත් වූ අතර ඉන්පසුව පිළිවෙලින් අබුඩාබි, මැඩ්රිඩ්, මෙක්සිකෝ සිටි, ක්වාලාලම්පූර්, බැංකොක් සහ මස්කට් පළමු 10 අතරට එක් වූ අතර ඩුබායි 11 වන ස්ථානයට පත්විය.

රසල් කයිමා නගරය එහි ජාත්‍යන්තර ආකර්ෂණය ඉහළ නංවා ගනිමින් විවිධ අංශවල කැපී පෙනෙන සාර්ථකත්වයක් අත්කර ගනිමින් සිටින හෙයින්, මෙම පිළිගැනීම සමබර හා තෘප්තිමත් ජීවන රටාවක් අපේක්ෂා කරන විදේශිකයන් සඳහා ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස එහි ස්ථානය තහවුරු කරයි.

Share.

Comments are closed.