පසු ගිය සිකුරාදා ආරම්භ වූ දින 4 ක සටන් විරාමයේ අවසන් හෝරා කිහිපය ගත වීමට පෙර දෙපාර්ශ්වය තවත් දින 2ක සටන් විරාමයකට එකඟ වූ බව කටාර් රාජ්‍යය නිවේදනය කළේ ය.
කටාර් රාජ්‍යය යුද්ධය ආරම්භයේ සිට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරයි. 

සිකුරාදා සිට මේ දක්වා හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් 69  ක් නිදහස් කර ඇත.
ඊට ඊශ්‍රායල ජාතිකයින් සහ විදේශිකයින් ඇතුළත් වේ.
සටන් විරාමය අතරතුරදී ඊශ්‍රායල බලධාරීන් ද පලස්තීන කාන්තාවන් සහ ළමුන් 150 දෙනෙකු නිදහස් කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.
ඔක්තෝබර් 7 වැනි දා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාර හමුවේ ආරම්භ වූ ගැටුම් නිසා ඊශ්‍රායලයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1200කි.

ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර හමුවේ පලස්තීනයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 15,000 කට ආසන්නයි. 
දරුවන් 6000ක් ඒ අතරට ඇතුලත් වේ.

Share.

Comments are closed.