Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»ජාතික දිනය වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳවියන් 3,000 ​කට ආසන්​න පිරිසක​ට සමාව
Uncategorized

ජාතික දිනය වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳවියන් 3,000 ​කට ආසන්​න පිරිසක​ට සමාව

Stanly KularathnaBy Stanly KularathnaNovember 30, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 52 වැනි ජාතික දිනය නිමිතිකොට ගෙන රැඳවියන් 2,998 ​දෙනෙකුට සමාව ලබා දීමට එක් එක් එමීර් ප්‍රදේශ නියෝජ​නය කරන පාල​ක වරුන් නි​යෝග කොට තිබෙනවා​. සෑම වසරකම විශේෂ ජාතික හා ආගමික උත්ස​ව අවස්ථාවන් වලදී කොන්දේසි සපුරා ඇති රැඳවියන්ට මෙලෙස පාලක වරුන්ගේ නියෝගය මත පොදු සමාවක් ලබාදී​ම මෙරට සම්ප්‍රදායක් ලෙස පවත්වාගෙන එනු ලබන මානුෂීය ක්‍රියාවලියකි.

අබුඩාබි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අඩුඩාබිහි රැඳවියන් 1,018 දෙනෙකු නිදහස් කරන ලෙස ජනාධිපති අතිගරු ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නයාන් විසින් උපදෙස් ලබා දී තිබෙනවා. නිදහස ලද රැඳවියන්ට නව ජීවිතයක් ආරම්භ කිරීමට සහ ඔවුන්ගේ පවුල් සහ ප්‍රජාවන් සමඟ නැවත වරක් ඒකාබද්ධ වීමට අවස්ථාවක් ලබාදීමට එතුමන්​ගේ උනන්දු​ව මෙම සමාවෙන් පිළිබිඹු වෙයි.

ඩුබායි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති, අග්‍රාමාත්‍ය සහ ඩුබායි හි පාලක අතිගරු ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් විසින් ජාතික දිනයට පෙර විවිධ ජාතීන්ට අයත් සිරකරුවන් 1,249ක් සඳහා නිදහස ලබාදෙන ලෙස නියෝග ​ලබා​දී තිබෙනවා. මෙලෙස සමාව ලැබූ සිරකරුවන්ට ඔවුන්ගේ පවුල් වෙත නැවත එක්වීමට සහ යහපත් ජීවිතයක් ආරම්භ කිරීමට අවස්ථාවක් උදාවෙනවා.

සාජා

මේ අතර සාජාහි උත්තරීතර කවුන්සිලයේ සාමාජික සහ සාජාහි පාලක අතිගරු ආචාර්ය ෂෙයික් සුල්තාන් බින් මුහම්මද් අල් කස්මි, නියෝග කො​ට ඇත්​තේ රැඳවියන් 475 දෙනෙකු නිදහස් කිරීමටයි. සමාව ලත් රැඳවියන්​, ඔවුන්​ගේ යහපත් හැසිරීම් මත පදනම්ව තෝරාගෙන ඇති අතර සමාව සඳහා සපුරාලිය යුතු සියලු කොන්දේසි සපුරා ඇත.

මෙම අවස්ථාවෙහිදී, සාජා පොලිසියේ ප්‍රධානී මේජර් ජෙනරාල් සයිෆ් අල් සාරි අල් ෂම්සි පැවසු​වේ, නිදහස ලැබූවන්ගේ පවුල්වල සහජීවනය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට ෂෙයික් අල් කස්මි ගේ උනන්දුව පිළිබිඹු කෙරෙ​න කාරුණික කැපවී​ම පිළිබඳව සාජා පාලකව​රයාට ස්තුතිය ඵලකරන බවයි.

අජ්මාන්

එලෙසම, ජාතික දිනයට පෙර අජ්මාන් හි සිරකඳවුරු වල සිටින, කොන්දේසි සපුරාලූ විවිධ ජාතීන්ට අයත් සිරකරුවන් 143 දෙනෙකු නිදහස් කරන ලෙස උත්තරීතර කවුන්සිලයේ සාමාජික සහ අජ්මාන් හි පාලක අතිගරු ෂෙයික් හුමයිඩ් බින් රෂීඩ් අල් නුඅයිමි නියෝග කර තිබෙනවා.

අජ්මාන් පොලිසියේ ප්‍රධානී මේජර් ජෙනරාල් ෂෙයික් සුල්තාන් බින් අබ්දුල්ලා අල් නුඅයිමි, අජ්මාන් පාලකයාට සිය ස්තූතිය හා ප්‍රශංසාව පුද කළ අතර, මෙම අභිනය සමාව ලැබූ සිරකරුවන්ට ඔවුන්ගේ පවුල් වෙත ආපසු යාමට සහ ධනාත්මකව සමාජගත වීමට අවස්ථාවක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බව ප්‍රකාශ කළේය.

ෆුජයිරා

උත්තරීතර කවුන්සිලයේ සාමාජික සහ ෆුජයිරා හි පාලක අතිගරු ෂෙයික් හමාඩ් බින් මොහොමඩ් අල් ෂර්කි නියෝග කළේ ජාතික දිනයට පෙර විවිධ ජාතීන්ට අයත් රැඳවියන් 113 දෙනෙකු නිදහස් කිරීමට කටයුතු කරන ලෙසයි. පොදු සමාව සඳහා සිරකරුවන්ගේ සුදුසුකම් පදනම් වූයේ ඔවුන්ගේ යහපත් චරිතය සහ හැසිරීම මතයි.

ෆුජයිරා පාලකයා විසින් ලබා දුන් මෙම පොදු සමාවට ස්තූතිවන්ත වෙමින් ෆුජයිරා හි සිරකරුවන් සියයකට වැඩි පිරිසකට නව ජීවිතයක් ආරම්භ කිරීමට අවස්ථාව උදාවෙනු ඇත. ෆුජයිරා පොලිසියේ ප්‍රධාන අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් මොහොමඩ් අහමඩ් බින් ඝානිම් අල් කාබි, මෙම මානුෂීය පියව​ර වෙනුවෙන් ෆුජයිරා පාලකයාට සිය කෘතඥතාව පළ කළේය.

සමාව ලැබූවන් හැකි ඉක්මනින් ඔවුන්ගේ පවුල් වෙත සම්භන්ධවීමට හැකි බව සහතික කිරීම සඳහා අවශ්‍ය ක්‍රියා පටිපාටි අදාළ බලධාරීන් විසින් ආරම්භ කො​ට ඇත.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅබුඩාබි නව දුම්රිය සැලැස්මක් නිවේදනය කරයි
Next Article UAE, නව ඩිරාම් 500​ක මුදල් නෝට්ටුවක් නිකුත් කරයි: සංසරණය අද ආරම්භ වේ
Stanly Kularathna

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.