තුවාල ලැබූ ළමුන් 1,000කට සහ ගාසා තීරයේ පිළිකා රෝගීන් 1,000කට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රෝහල්වල වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට ජනාධිපති අතිගරු ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නයාන් ගේ නියෝග ක්‍රියාත්මක කරමින්, තුවාල ලැබූ පලස්තීන ළමුන් සහ පිළිකා රෝගීන්ගේ සිව්වන කණ්ඩායම පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණියා.

ඊජිප්තු අරාබි ජනරජයේ අල් අරිෂ් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට අබුඩාබි ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙන ආ රෝගීන් අත​ර හදිසි වෛද්‍ය ආධාර අවශ්‍ය දරුවන් 77 දෙනෙකු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 43 දෙනෙකු සිටියා.

අර්බුදය ආරම්භ වූදා සිට​ම, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ගාසා තීරයට හදිසි මානුෂීය ආධාර සහ සැපයුම් ලබා දීමට කටයුතු කලේ​ය. මේ සම්බන්ධයෙන්, ජනාධිපති අතිගරු ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නයාන් විසින් ඩොලර් මිලියන 20 ක මානුෂීය ආධාර පැකේජයක් වෙන් කිරීමට නියෝගයක් නිකුත් කරන ලදි.

“Gallant Knight 3” මෙහෙයුමේ කොටසක් ලෙස ගාසා තීරය තුළ ඒකාබද්ධ ක්ෂේත්‍ර රෝහලක් පිහිටුවීමට ද ඔහු නියෝග කල අත​ර ගාසා තීරයේ සෞඛ්‍ය පද්ධතියට සහාය වීම අරමුණු කරගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උත්සාහයේ කොටසක් ලෙස, එමීර් ඒකාබද්ධ ක්ෂේත්‍ර රෝහල, ඉරිදා සිට ගාසා තීරයේ ජනතාවට සිය ප්‍රතිකාර සේවා ආරම්භ කළේය.

මෙම මුලපිරීම් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නොසැලෙන ප්‍රවේශය සහ පලස්තීන ජනතාවට සහන සැලසීමට සහ දැනට පවතින මානුෂීය අර්බුදයේ බරපතලකම සමනය කිරීමට ඓතිහාසික කැපවීම මූර්තිමත් කරයි, ඒ විශේෂයෙන් ගාසා තීරයේ ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් වන ළමයින් වඩාත් අවදානමට ලක්ව ඇති බැවිනි. සහෝදර පලස්තීන ජනතාව සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ස්ථීර සහයෝගීතාවය ද මුලපිරීම් පිළිබිඹු කරයි.

Share.

Comments are closed.