Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Traffic»මෙම සති අන්තයේ අබුඩාබි, ඩුබායි සහ සාජාහි ප්‍රධාන මාර්ග කීපයක් වසා දමයි
Traffic

මෙම සති අන්තයේ අබුඩාබි, ඩුබායි සහ සාජාහි ප්‍රධාන මාර්ග කීපයක් වසා දමයි

මාර්ග වැසීම හේතුවෙන් ගමනාගමන ප්‍රමාදයන් බලාපොරොත්තු වන්න. ඒ අනුව ඔබගේ චාරිකා සැලසුම් කරන්න
Stanly KularathnaBy Stanly KularathnaDecember 10, 2023No Comments4 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මෙම සති අන්තයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධාන මාර්ගයක සැලකිය යුතු කොටසක් වසා දැමීමට බලධාරීන් සැලසුම් කර ඇතිබවත් එහිදී ප්‍රමාදයන් හා වාහන ගමනාගමනයට බලපෑම් ඇති විය හැකි බවත් නිවේදනය කොට තිබෙනවා.

වසා දැමීමේ විස්තර:

Abu Dhbai හි ප්‍රධාන මාර්ගයක් වසා දැමීමට සැලසුම් කර ති​බේ

අර්ධ මාර්ග වසා දැමීම් කිහිපයක් ක්‍රියාත්මක වන බැවින් අබුඩාබියේ රියදුරන්ට මෙම සති අන්තයේ සිය ගමන් බිමන් සැළසුම් කරන ලෙස උපදෙස් දෙනු ලැබේ. UAE හි ප්‍රවාහන නියාමක, ඒකාබද්ධ ප්‍රවාහන මධ්‍යස්ථානය (ITC), ඔවුන්ගේ සමාජ මාධ්‍ය නාලිකා හරහා වසා දැමීම නිවේදනය කරන අතර, මාර්ග හරවායැවීම් වල ගමන් කිරීමේදී ප්‍රවේශම් වන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

Sheikh Khalifa bin Zayed Int’l Road (E11)

ITC නිවේදනය කළේ, Al Dhafra හි Sheikh Khalifa bin Zayed International Road (E11) හි Ghuweifat දෙසට දකුණු මංතීරුව දෙසැම්බර් 9 සෙනසුරාදා පෙ.ව. 12:00 සිට දෙසැම්බර් 14 බ්‍රහස්පතින්දා පෙ.ව. 5:00 දක්වා වාහන ධාවනය​ අර්ධ වශයෙන් වසා තබන බවයි.

අබුඩාබි – අල් සාදා පාලමේ අර්ධ මාර්ග වසා දැමීම

අබුඩාබිහි අල් සාදා පාලම දෙසැම්බර් 9 සිට 31 දක්වා අඛණ්ඩ​ව සති අන්ත හතරක් අර්ධ වශයෙන් වසා දැමෙනු ඇත. මෙම ව්‍යාපෘතිය අදියර හතරකට බෙදා ඇති අතර, ඒ සෑම එකක්ම සති අන්තයක් තු​ල පවතින අතර, දෙපැත්තටම ගමනාගමනයට බලපානු ඇත.

  • අදියර 1: අබුඩාබි ෂෙයික් සයිඩ් පාලම දෙසට – (දෙසැම්බර් 9 – 11)

දකුණු මංතීරු දෙකක් දෙසැම්බර් 9 සෙනසුරාදා අළුයම 12:00 සිට දෙසැම්බර් 11 සඳුදා උදේ 5:30 දක්වා වසා ඇත. වම් මංතීරු දෙකක් විවෘතව පවතිනු ඇත.

  • අදියර 2: අබුඩාබි ෂෙයික් සයිඩ් පාලම දෙසට – (දෙසැම්බර් 16 – 18)

වම් මංතීරු තුනක් දෙසැම්බර් 16 සෙනසුරාදා අළුයම 12:00 සිට දෙසැම්බර් 18 සඳුදා උදේ 5:30 දක්වා වසා ඇත. දකුණු මංතීරු දෙකක් විවෘතව පවතිනු ඇත.

  • අදියර 3: අබුඩාබි කෝනිච් දෙසට – (දෙසැම්බර් 23 – 25)

දකුණු මංතීරු දෙකක් දෙසැම්බර් 23 සෙනසුරාදා අළුයම 12:00 සිට දෙසැම්බර් 25 සඳුදා උදේ 5:30 දක්වා වසා ඇත. වම් මංතීරු දෙකක් විවෘතව පවතිනු ඇත.

  • අදියර 4: අබුඩාබි කෝනිච් දෙසට (දෙසැම්බර් 30 – 31)

වම් මංතීරු තුනක් දෙසැම්බර් 30 සෙනසුරාදා අළුයම 12:00 සිට දෙසැම්බර් 31 ඉරිදා අළුයම 12:00 දක්වා වසා ඇත. දකුණු මංතීරු දෙකක් විවෘතව පවතිනු ඇත.

මාර්ග වසාදැමීම් හේතුවෙන් සිදුවන ප්‍රමාදයන් වලකා ගැනීමට, මෝටර් රථ රියදුරන්ට ඒ අනුව ඔවුන්ගේ ගමන් සැලසුම් කරනා ලෙසත් අමතර ගමන් කාලයක් ඇතිව ගමන් ආරම්භ කරනා ලෙසත් උපදෙස් දෙනු ලැබේ. විකල්ප මාර්ග පිළිබඳව සංඥා පුවරු මගින් දැනුවත් කරනු ඇත.

Al Khaleej Al Arabi සහ Shakhbout bin Sultan Streets

2023 දෙසැම්බර් 8 සිකුරාදා සිට 2023 දෙසැම්බර් 11 සඳුදා දක්වා අබුඩාබි හි අල් ඛලීජ් අල් අරාබි සහ ෂක්බුට් බින් සුල්තාන් වීදිවල අර්ධ මාර්ග වසා දැමීමක් ක්‍රියාත්මක වේ. එහිදී, කෝනිච් දෙසට මංතීරු තුනක් සහ හුඩේරියාත් දූපත දෙසට වම් මංතීරු දෙකක් දෙසැම්බර් 8 සිකුරාදා රාත්‍රී 11:00 සිට දෙසැම්බර් 11 සඳුදා උදේ 5:00 දක්වා වසා දමනු ඇත.

අල් අයින්හි මාර්ග වසා දැමීම

අල් අයින් හිලිහි බනියාස් සහ අල් ෆලා වීදි දෙකම දෙසැම්බර් 9 සෙනසුරාදා සිට දෙසැම්බර් 31 ඉරිදා දක්වා සති තුනකට වැඩි කාලයක් වසා තැබේ. වසා දැමීමේ කාලසීමාව සඳහා ගමනාගමනය මාර්ගයේ විරුද්ධ පැත්තට හරවා යවනු ලැබේ.

අබුඩාබි – අල් අයින් ට්‍රක් පාර

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර, මෝටර් රථ හිමියන්ට 2023 දෙසැම්බර් 8 සිට දෙසැම්බර් 11 දක්වා අබුඩාබි – අල් අයින් E30 ට්‍රක් පාරේ  අර්ධ මාර්ග වසා දැමීමක් නිවේදනය කරයි. අල් ෂහාමා දෙසට ගමන් කරන බෑවුමේ දකුණු මංතීරුව සිකුරාදා රාත්‍රී 11 සිට 2023 දෙසැම්බර් 11, සඳුදා උදේ 5 දක්වා වසා තැ​බේ.

    ඩුබායි හි මාස 9ක රථවාහන හරවා යැවීමක්

    Green හි පදිංචිකරුවන්ට, 2023 දෙසැම්බර් 4 වැනි දින සිට යාලෙයිස් වීදිය වටරවුම් මංසන්ධියේ ඉදිකිරීම් හේතුවෙන් යාලයිස් වීදිය D57 හි මාස නවයක රථවාහන හැරවුමක් ක්‍රියාත්මක කෙරේ.

    මෙම මංසන්ධිය වසා දැමීම, Dubai Investments Park සිට එයට පිවිසෙන වීදිවලට සහ යලායිස් වීදියේ සිට Dubai Investments Park වෙත පිවිසීමට ද බලපායි. පිකප් ට්‍රක්, වෑන්, ත්‍රිරෝද රථ සහ පාසල් බස් රථ වැනි සැහැල්ලු වාහන පමණක් හැරවීමෙන් නිදහස් කෙරේ.

    සෞදි අරාබියේ සහ ඕමානයේ දේශසීමාවේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා විහිදෙන කිලෝමීටර් 1,200 ක දුම්රිය ජාලයක් වන එතිහාඩ් රේල් ඉදිකිරීම සඳහා මෙම හැරවීම් සිදු කරයි.

    සාජාහි මාර්​ග වසා දැමීම

    සාජා මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය දැනුම් දෙන්නේ, අල් මිනා වීදිය 2023 දෙසැම්බර් 11 සඳුදා සිට දෙසැම්බර් 30 සෙනසුරාදා දක්වා අර්ධ වශයෙන් වසා දමන බවයි. අල් ලයා ප්‍රදේශයේ සිදුවන අත්‍යවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති සඳහා මෙම තාවකාලික වසා දැමීම සිදු කරයි.

    මෙම වසා දැමීම, අල් ලයා ජල ඇළ සංවර්ධන ව්‍යාපෘතියේ තුන්වන අදියරේ කොටසක් වන අත​ර නව මාර්ග සහ පාලම් ඉදිකිරීම ඇතුලත්වේ. මෙම කාලසීමාව තුළදී ඒ අනුව තම ගමන් බිමන් සැලසුම් කර විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ට උපදෙස් දෙනු ලැබේ.

    Abu Dhabi Dubai Featured Sharjah
    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
    Previous Articleඅබුඩාබි සිට කටුනායක දක්වා අඩු වියදම් ගුවන් සේවයක් ඇරඹේ.
    Next Article ජාතික දිනයේදී මාර්ගෝපදේශ උල්ලංඝනය කළ වාහන 94ක් පොලිස් අත්අඩංගුවට
    Stanly Kularathna

    Related Posts

    RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

    May 19, 2025

    විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

    May 19, 2025

    යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

    May 19, 2025
    Add A Comment

    Comments are closed.

    Top Posts

    Subscribe to Updates

    Get the latest sports news from SportsSite about soccer, football and tennis.

    Advertisement
    Demo

    POWERED BY XSMART DIGITAL LLC

    Facebook Instagram YouTube LinkedIn
    • Home
    • Marketplace
    • Events
    • Jobs
    • Community
    • Visit Sri Lanka
    • Sri Lanka Exports
    • Properties in Sri Lanka

    Subscribe for Updates

    Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

    Type above and press Enter to search. Press Esc to cancel.