ඉදිරි සතියේදී, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඇතැම් ප්‍රදේශවලට මීදුම වැඩි වීමට නියමිතව ඇති අතර තවදුරටත් වර්ෂාපතනයක් ද අපේක්ෂා කෙරේ. අලුයම මීදුම නිසා මාර්ගවල දෘශ්‍යතාව​යට බාධා ඇති වූ බැවින් බලධාරීන් මෙම සතිය පුරා රියදුරන්ට ආරක්ෂිත අනතුරු ඇඟවීම් නිකුත් කළේය.

ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථාන​යේ (NCM) සිය නවතම දින පහක නිවේදනයේ සඳහන් කළේ සඳුදා සිට බදාදා දක්වා අභ්‍යන්තර සහ වෙරළබඩ ප්‍රදේශවල මීදුම සහ ඝනමීදුම් තත්වයන් ඇති විය හැකි බවයි.

අබුඩාබි පොලිසිය සාමාන්‍යයෙන් ඝන මීදුම පවතින කාලවලදී අගනුවර මාර්ගවල වේග සීමාවන් අඩු කරයි.

කාලගුණ මධ්‍යස්ථාන නිවේදන​යේ සඳහන් වූ​යේ උතුරු සහ වෙරළබඩ ප්‍රදේශවල​ට වර්ෂාපතනය ලැබීමේ යම් සම්භාවිතාවක් පවතින බවයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන්ට ඉදිරි දිනවලදී සිසිල් උෂ්ණත්වයක් අත්විඳීමේ අවස්ථාව උදා වේ. රට තුල සාමාන්‍යයෙන් ශීත ඍතුවේ දී දෙසැම්බර් සිට මාර්තු දක්වා කාල සීමාවේදී උෂ්ණත්වය සැලකිය යුතු ලෙස පහත වැටේ.

NCM පැවසුවේ සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා අබුඩාබි හි දිවා උෂ්ණත්වය සෙල්සියස් අංශක 26 දක්වා ඉහළ යනු ඇති අතර සවස් වරුවේ සෙල්සියස් අංශක 16 දක්වා පහත වැටෙනු ඇති බවයි.

ඩුබායිහි, සඳුදා දිවා කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 27 දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර බ්‍රහස්පතින්දා සෙල්සියස් අංශක 25 දක්වා පහත වැටේ.

බ්‍රහස්පතින්දා වන විට ඩුබායි හි සවස උෂ්ණත්වය සෙල්සියස් අංශක 17 දක්වා පහත වැටෙනු ඇති බව කාර්යාංශය පවසයි.

Share.

Comments are closed.