Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Emirates»එක්සත් අරාබි එමීර් රාජ්‍යය බර ප්‍රවාහනය සඳහා නව්‍ය ගුවන් යානා​වක් හඳුන්වා දෙයි
Emirates

එක්සත් අරාබි එමීර් රාජ්‍යය බර ප්‍රවාහනය සඳහා නව්‍ය ගුවන් යානා​වක් හඳුන්වා දෙයි

Stanly KularathnaBy Stanly KularathnaDecember 12, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

Flying Whales, අධික බර ප්‍රවාහනය සඳහා දෘඩ ගුවන් යානා තාක්ෂණය පිළිබඳ විශේෂඥතාවයක් ඇති ප්‍රංශ සමාගමක් වන අතර ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිෂ්පාදන මධ්‍යස්ථානයක් පිහිටුවීමට සැලසුම් කොට තිබෙනවා. මෙම උපායමාර්ගික පියවර මගින් එහි හවුල්කරුවන් සම​ග සහයෝගයෙන් රැකියා අවස්ථා දහසක් පමණ නිර්මාණය කිරීමට අපේක්ෂා කරනවා.

Whales (තල්මසුන්) ලෙස හඳුන්ව​න මෙම ගුවන් යානා​ව සම්පූර්ණයෙන්ම විදුලියෙක් ක්‍රියාත්ම​ක වන අතර පරිසරයට කාබන් විමෝචනයක් සිදුනොවීම වි​ශේෂත්වයක් වන අත​ර යුරෝපා සංගමයේ ගුවන් සේවා ආරක්ෂණ ඒජන්සිය (EASA) සහ එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා අධිකාරිය (FAA) විසින් සහතික කිරීම​ට නියමිත​ය. හෙලිකොප්ටර් යානාවලට සමානව ක්‍රියාත්මක වන මෙම ගුවන් යානාවලට ජංගම රෝහල් වැනි අධික බරක් දුරස්ථ ස්ථාන වෙත ප්‍රවාහනය කිරීමේ හැකියාව ඇත.

අබුඩාබිහි නිෂ්පාදන පහසුකම්:

Flying Whales හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී Sébastien Bougon, අබුඩාබිහි අවසාන එකලස් කිරීමේ අංගනයක් පිහිටුවීමට සමාගමේ කැමැත්ත ප්‍රකාශ කළේය. මෙම පහසුකම නැගෙනහිර අප්‍රිකා​ව, මැදපෙරදිග සහ ඉන්දියාව දක්වා විහිදෙන කලාප සඳහා ගුවන් යානා නිෂ්පාදනය කිරීම අරමුණු කරයි. මේ පිළිබඳව සාකච්ඡා ආරම්භ කර ඇති අතර, පහසුකම ස්ථාපිත කිරීමෙන් අනතුරු​ව, සෘජු රැකියා 300 ක් උත්පාදනය කරමින් 2027 දී සිය නිෂ්පාදන ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ. මීට අමතරව, මෙයට සම්බන්ධ අනෙකුත් සමාගම්ද රැකියා උත්පාදනය සඳහා දායක වනු ඇති අත​ර, නව රැකියා අවස්ථා දහසක් පමණ උත්පාදනය කරනු ඇත.

LCA60T ලෙසින්​ද නම් කර ඇති මෙම ගුවන් යානය තල්මසෙකුගේ හැඩයෙන් නිර්මාණය කර ඇති අතර සුළං ටර්බයින සඳහා පෙති, අධි බලැති විදුලු කුළුණු, කාර්මික කොටස්, රෝහල් සහ තවත් බොහෝ දේ රැගෙන යා හැකිය. මීටර 200ක් දිග, මීටර් 50ක විෂ්කම්භයක් සහ මීටර් 96ක් දිග භාණ්ඩ ප්‍රවාහනය කළ හැකි අතර, එය ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සැරිසරන ගුවන් ගමනේදී විශාල බර ටොන් 60ක් දක්වා පැටවීමට සහ බෑමට හැකිය.

Flying Whales හි අවසාන එකලස් කිරීමේ අංග​න, කැනඩාව, ප්‍රංශය, UAE සහ ඔස්ට්‍රේලියාව ය​න ගෝලීය ස්ථාන හතරක පිහිටවනු ඇ​ත.

Bougon කියා සිටින්නේ මෙම ගුවන් යානා වර්ගය සඳහා යන පිරිවැ​ය වාහන සඳහා යන පිරිවැ​යට වඩා බෙහෙවින් අඩු වන අතර ගුවන් යානා සහ හෙලිකොප්ටර් වලට වඩා විසි ගුණයකින් පමණ අඩුය. ගොඩබිමට ගොඩබෑමේ අවශ්‍යතාවයක් නැති අත​ර විප්ලවීය සැලසුම් මගින් භාණ්​ඩ පැටවීම සහ බෑම සිදු කරයි.

ප්‍රවාහනයේදී කාබන්ඩයොක්සයිඩ් අවම කිරීම සම්භන්ධයෙන්, ප්‍රංශ නවෝත්පාදන යටතේ, COP28 හි Flying Whales ප්‍රදර්ශනය කෙරේ.

එක්සත් ජනපදයේ සහ යුරෝපයේ නියාමන බලධාරීන් සමඟ සමීපව කටයුතු කරමින්, Flying Whales එහි ගුවන් යානා වල ආරක්ෂාව සහතික කරයි. විවිධ ගමනාන්ත වෙත ගුවන් යානා යොදවා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ස්ථා​න 30කට සේවය කිරීමට සමාගම සැලසුම් කරයි. ශක්තිමත් හවුල්කරුවෙකු වන එමිරේට්ස්, කලාපය තුළ සිය බලපෑම ශක්තිමත් කරමින් ඉන්දියාව, අප්‍රිකාව සහ තුර්කිය යන රටවල ප්‍රවාහන මාධ්‍ය කළමනාකරණය කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇත.

Abu Dhabi Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleබර අඩු කිරීමේ අභියෝගයෙන් අඩුවන බර අනුව තෑගි දිනන්න
Next Article ගාසා හි එමීර් රාජ්‍යයේ ක්ෂේත්‍ර රෝහල වෙත දිනකට 20 දෙනෙකු තුවාල ලබා පැමිනේ.
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.