Frico cargo ආයතනයේ 40 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන වසර අවසාන මහා සංගීත ප්‍රසංගය දෙසැම්බර් 16 දා  ඩුබායි ,Al Nasar Leisureland හිදී පැවැත්වේ.  ශ්‍රී ලාංකික භාණ්ඩ ප්‍රවාහන සමාගමක් වන Frico Cargo එමීර් රාජ්‍යයේ විවිධ ප්‍රදේශ පුරා ව්‍යාප්තව ඇති ආයතනයකි. රාත්‍රි 7.30 ට ආරම්භ වන මෙම ප්‍රසංගය සඳහා දිවයිනේ ජනප්‍රිය ගායන තරු රැසක් එක්වීමට නියමිතය. තීක්ශණ අනුරාධ, කීර්ති පැස්කුවල්, නොයෙල් රාජ්, ඉශාග් බෙග්, උදාර කෞශල්‍ය, ෆැලන් ඇන්ඩ්‍රියා සමඟ නුවන්තිකා සේනාරත්න සහරා ෆ්ලෑශ් සංගීතයට ගීතවත් වෙති.

ප්‍රේක්ෂකයින් සිනාවෙන් කුල්මත් කිරීම සඳහා ජනයි ප්‍රියයිද මේ සඳහා සහභාගී වීමට නියමිතය. වසන්ත රෝහණ , සමීර හා සරත් ප්‍රසංගය නිවේදනයෙන් හැඩ ගන්වති. රසල් කයිමා, අබුඩාබි, fujeira, අල් එන් යන ප්‍රදේශ වලින් ප්‍රසංගයට පැමිණෙන ප්‍රේක්ෂකයින් සඳහා Frico cargo ආයතනය විසින් නොමිලේ බස්‍ රථ සේවයක්ද සුදානම් කර තිබෙන බව සඳහන් වේ.

ඒ සඳහා වැඩි විස්තර 600522529 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් ලබා ගත හැකියි. මීට සමගාමීව 40 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් ත්‍යාග 40 ක් ද ලබා දීමට Frico cargo ආයතනය සුදානම්. සංගීත ප්‍රසංගය සඳහා ප්‍රවේශ පත් ගාස්තුව ඩිරාම් 60 ක් වන අතර ප්‍රවේශ පත් ලබා ගන්නා සියළු දෙනාට Frico Cargo ආයතනය විසින් ඩිරාම් 50ක් වටිනා වව්චර් පත් ලබා දීම විශේෂත්වයක් වනවා. ඒ අනුව ප්‍රවේශ පත් සඳහා වැය වන්නෙ ඩිරාම් 10 ක් වැනි සුලු මුදලක් පමණයි.  ප්‍රවේශ පත් එදින දොරටුවෙන් ලබා ගත හැකි බව එම ආයතනය වැඩිදුරටත් සඳහන් කලා.

Share.

Comments are closed.