ලොව විශාලතම කාර්යාල සංකීර්ණය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතින් පසුගිය දා විවෘත විය. 2017 වසරේදී ඉදි කිරීම් ආරම්භ කළ මෙම කාර්යාල සංකීර්ණය, Surat Diamond Exchange යන නමින් නම් කර ඇති අතර එය ඉදි කර අවසන් වූයේ පසුගිය ජූලි මාසයේදී ය.

ජාත්‍යන්තර දියමන්ති සහ ස්වර්ණාභරණ ව්‍යාපාර සඳහා මේ නව කාර්යාල සංකීර්ණය ඉදි කිරීම අරමුණ වී තිබෙන බව සඳහන්‍ වේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම ගොඩනැගිල්ල විශාලත්වයෙන් ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර පිහිටි පෙන්ටගනය අභිබවා යන බවයි.

මෙය ඉදි කිරීමට පෙර ලොව විශාලතම කාර්යාල සංකීර්ණය ලෙස වාර්තා අතර පැවැතියේ පෙන්ටගන් සංකීර්ණයයි. මෙම කාර්යාල සංකීර්ණය ඉන්දියානු රුපියල් බිලියන 32ක වියදමක් දරා ඉදිකර ඇති අතර, එය වර්ග අඩි මිලියන 6.7ක ප්‍රදේශයක් පුරා පැතිරී පවතියි. 

ආනයන-අපනයනය සඳහා නවීනතම ‘රේගු නිෂ්කාශන මන්දිරයක්’, සිල්ලර ස්වර්ණාභරණ ව්‍යාපාර සඳහා ස්වර්ණාභරණ වෙළඳ සංකීර්ණයක් ,  ජාත්‍යන්තර බැංකුවලින් මෙය සමන්විත වේ.
මහල් 15 කින් යුතු ගොඩනැගිලි 9කින් සමන්විත මේ තුල කාර්යාල 4,700ක් ස්ථාපිත කර ඇති අතර, ඉන් දැනටමත් කාර්යාල 130 ක වැඩ ආරම්භ කර ඇත. 

Share.

Comments are closed.