එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මහ බැංකුව සහ අනෙකුත් බලධාරීන් මුදල් විශුද්ධිකරණයට සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමට එරෙහි නීති (AMLCFT) හා රෙගුලාසිවලට අනුකූල නොවීම සඳහා බොහෝ ආයතනවලට දඬුවම් පමුණුවා ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යය ගෝලීය මූල්‍ය අපරාධ නිරීක්ෂණ කණ්ඩායමක් වන මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකායේ (FATF) සාමාජික වගකීමක් වශයෙන් මුදල් විශුද්ධිකරණයට සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමට එරෙහි නීති දැඩි කර තිබෙනවා.

Uppercase Legal Advisory ආයතනයේ කළමණාකාර සහකරු සහ අධිනීතිඥ ඇලෙක්සැන්ඩර් කුකුවෙව් පැවසුවේ, උල්ලංඝනය කරන්නන්ට ඩොලර් මිලියන 5ක් දක්වා දඩයක් සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබිය හැකි අතර අවම සිරගත කිරීමේ කාලය වසර 10 ක් බවයි.

මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකායේ (FATF) නීතිරීතිවලට අනුකූල වීම සඳහා ලබන වසරේ සිට මුදල් විශුද්ධිකරණ නීති සමඟ අනුකූල වීම කෙරෙහි රජය සහ බලධාරීන් විසින් වැඩි අවධානයක් යොමු කරනු ඇතැයි Uppercase Legal Advisory ආයතනයේ අධිනීතිඥ ඇලෙක්සැන්ඩර් කුකුවෙව් අපේක්ෂා කරයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ “ඉදිරියේදී, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මුදල් විශුද්ධිකරණ නීති කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ඇති අතර විශාල සමාගම් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් තම ව්‍යාපාර ආරම්භ කරන විට මූලිකම ගැටලුව ලෙස එය සිතිය යුතු බව මම තරයේ විශ්වාස කරමි. තව තවත් නිදහස් කලාප ද සම්බන්ධ වෙමින් පවති​න බැවින් ඔවුන් බලපත්‍ර අලුත් කිරීමේදී ඔවුන් සමඟ ලියාපදිංචි වී ඇති සමාගම නීතිරීතිවලට අනුකූලද යන්න පරීක්ෂා කරනු ඇත. පළමුව ඒවාට අනුකූල නොවන්නේ නම්, ඔවුන්ට වාණිජ බලපත්‍ර ලබා නොදෙනු ඇත” යනුවෙනි.

මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකායේ (FATF) රෙගුලාසි, මුදල් විශුද්ධිකරණ සහ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ගෝලීය ප්‍රයත්නයන් සමඟ පෙළගැසෙන බව ඔහු සඳහන් කළේය. “ඇත්ත වශයෙන්ම, එක්සත් අරාබි එමීර් රාජ්‍යය එවැනි භාවිතයන්ට එරෙහිව පියවර ගැනීම සම්බන්ධයෙන් මෙනා කලාපයේ ප්‍රමුඛයා බවට පත්වෙමින් තිබේ” කුකුවෙව් පසුගියදා පැවති සම්මුඛ සාකච්ඡාවකදී මාධ්‍ය වෙත පැවසීය.

Share.

Comments are closed.