Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»RTA»RTA, අලුත් අවුරුදු උදාවේ කුලී රථ සහ ‘Hala’ සේවා සඳහා අවම ගාස්තුව ඉහළ නංවයි
RTA

RTA, අලුත් අවුරුදු උදාවේ කුලී රථ සහ ‘Hala’ සේවා සඳහා අවම ගාස්තුව ඉහළ නංවයි

Stanly KularathnaBy Stanly KularathnaDecember 30, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායිහි තෝරාගත් ස්ථානවල කුලී රථ සඳහා අවම ගාස්තුව ඩිරාම් 20 දක්වා වැඩි කිරීමට මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) නිවේදනය කර ඇති බැවින් අලුත් අවුරුදු රාත්‍රියේ විනෝද වන්නන්ට කුලී රථ සඳහා වැඩිපුර වියදමක් දැරීම​ට සිදුවනු ඇත. සාමාන්‍යයෙන්, ඩුබායිහි කුලී රථවල අවම ගාස්තුව ඩිරාම් 12 වේ.

RTA විසින් නිත්‍ය මීටර් කුලී රථ සහ හලා ටැක්සි (Hala Taxi) සේවාව යන දෙකටම නිශ්චිත ස්ථාන සහ වේලාවන් සඳහා නව අවම ගාස්තුව හඳුන්වා දෙන බව නිවේදනය කළේය.

World Trade Centre, Expo City, සහ Global Village වැනි ප්‍රධාන ප්‍රදර්ශන සහ ජාත්‍යන්තර සම්මේලන පවත්නා ස්ථානවල අවම ගාස්තුව ඩිරාම් 20 ලෙස දැන් නියම කෙරේ. මෙම ගාස්තු වසරේ අනෙකුත් දිනවලදීද මෙම ස්ථාන වලට අදාළ වේ.

මීට අමතරව, අලුත් අවුරුදු රාත්‍රියේදී Hala Taxi සේවාවන්හි අවම ගාස්තුව දෙගුණයක් වනු ඇත. ​ඒ අලුත් අවුරුදු සැමරුම් ගිනිකෙළි සංදර්ශන ස්ථා​න සඳහා, 2023 දෙසැම්බර් 31ව​න ඉරිදා සවස 6 සිට පසු දින, 2024 ජනවාරි 1 වන, සඳුදා උදෑසන 6 දක්වාය.

අලුත් අවුරුදු උදාවේ මාර්ග වසා දැමීමේ සැලසුම් සලකා බැලීමේදී, ගිනිකෙළි සංදර්ශන සැලසුම් කර ඇති ස්ථානවල සහ ඒ අවට මෙම ගාස්තු වෙනස්වීම් අපේක්ෂා කළ හැක.

මෙම වෙනස්කම් හරහා, RTA අරමුණු කරන්නේ නිත්‍ය කුලී රථ සේවා සහ Hala Taxi හි e-hail සේවා යන දෙකම අඛණ්ඩව වැඩිදියුණු කිරීම සහ සංවර්ධනය කිරීමයි. විශේෂයෙන් අලුත් අවුරුදු උදාව වැනි ප්‍රධාන උත්සව අවස්ථා වලදී, සාමාන්‍ය පදිංචිකරුවන් සහ සංචාරකයන්ගෙන් කුලී රථ සේවා සඳහා ඇති ඉල්ලුමේ සැලකිය යුතු වැඩි වීමක් දක්නට ලැබේ.

අවම ගාස්තුව ගාස්තුව යනු කුලී රථ ගමනක් ආරම්භයේදී අය කරන ස්ථාවර මුදලකි, එය ගමනේ මුළු පිරිවැයෙන් කොටසක් ලෙස ඔබ ගෙවිය යුතුය.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් රාජ්‍යය වර්ෂාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘති සඳහා ඩොලර් මිලියන 1.5 ක් වෙන් කරයි.
Next Article සාජා සෞඛ්‍ය සේවකයින්ට ළමා අපයෝජන හඳුනා ගැනීමට පුහුණුවක්.
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.