ඩුබායිහි තෝරාගත් ස්ථානවල කුලී රථ සඳහා අවම ගාස්තුව ඩිරාම් 20 දක්වා වැඩි කිරීමට මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) නිවේදනය කර ඇති බැවින් අලුත් අවුරුදු රාත්‍රියේ විනෝද වන්නන්ට කුලී රථ සඳහා වැඩිපුර වියදමක් දැරීම​ට සිදුවනු ඇත. සාමාන්‍යයෙන්, ඩුබායිහි කුලී රථවල අවම ගාස්තුව ඩිරාම් 12 වේ.

RTA විසින් නිත්‍ය මීටර් කුලී රථ සහ හලා ටැක්සි (Hala Taxi) සේවාව යන දෙකටම නිශ්චිත ස්ථාන සහ වේලාවන් සඳහා නව අවම ගාස්තුව හඳුන්වා දෙන බව නිවේදනය කළේය.

World Trade Centre, Expo City, සහ Global Village වැනි ප්‍රධාන ප්‍රදර්ශන සහ ජාත්‍යන්තර සම්මේලන පවත්නා ස්ථානවල අවම ගාස්තුව ඩිරාම් 20 ලෙස දැන් නියම කෙරේ. මෙම ගාස්තු වසරේ අනෙකුත් දිනවලදීද මෙම ස්ථාන වලට අදාළ වේ.

මීට අමතරව, අලුත් අවුරුදු රාත්‍රියේදී Hala Taxi සේවාවන්හි අවම ගාස්තුව දෙගුණයක් වනු ඇත. ​ඒ අලුත් අවුරුදු සැමරුම් ගිනිකෙළි සංදර්ශන ස්ථා​න සඳහා, 2023 දෙසැම්බර් 31ව​න ඉරිදා සවස 6 සිට පසු දින, 2024 ජනවාරි 1 වන, සඳුදා උදෑසන 6 දක්වාය.

අලුත් අවුරුදු උදාවේ මාර්ග වසා දැමීමේ සැලසුම් සලකා බැලීමේදී, ගිනිකෙළි සංදර්ශන සැලසුම් කර ඇති ස්ථානවල සහ ඒ අවට මෙම ගාස්තු වෙනස්වීම් අපේක්ෂා කළ හැක.

මෙම වෙනස්කම් හරහා, RTA අරමුණු කරන්නේ නිත්‍ය කුලී රථ සේවා සහ Hala Taxi හි e-hail සේවා යන දෙකම අඛණ්ඩව වැඩිදියුණු කිරීම සහ සංවර්ධනය කිරීමයි. විශේෂයෙන් අලුත් අවුරුදු උදාව වැනි ප්‍රධාන උත්සව අවස්ථා වලදී, සාමාන්‍ය පදිංචිකරුවන් සහ සංචාරකයන්ගෙන් කුලී රථ සේවා සඳහා ඇති ඉල්ලුමේ සැලකිය යුතු වැඩි වීමක් දක්නට ලැබේ.

අවම ගාස්තුව ගාස්තුව යනු කුලී රථ ගමනක් ආරම්භයේදී අය කරන ස්ථාවර මුදලකි, එය ගමනේ මුළු පිරිවැයෙන් කොටසක් ලෙස ඔබ ගෙවිය යුතුය.

Share.

Comments are closed.