ඩුබායිහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය වාර්තා කළේ 2023 දෙසැම්බර් 31 වන දින අලුත් අවුරුදු උදාවේදී මගීන් 2,288,631 ක් විවිධ පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිතා කළ බවයි.

එක් එක් පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිතා කළ ආකාරය වන්​නේ:

  • ඩුබායි මෙට්‍රෝ හි Red Line ස​හ Green Line, මගීන් 974,416 දෙනෙකුට සේවය සලසා ති​බේ
  • ට්‍රෑම් රථ මගීන් 56,208 ක්
  • පොදු බස් රථ මගීන් 401,510 ක්
  • සමුද්‍ර ප්‍රවාහනය මගීන් 97,261 ක්
  • E-hail වාහනව​ල මගීන් 167,051 ක්
  • හවුල් ප්‍රවාහන වාහන 1,316ක්
  • කුලී රථ, මගීන් 590,869 විසින් භාවිතා කොට ති​බේ.

ඩුබායිහි, අදාළ ආයතන සමඟ හොඳින් සම්බන්ධීකරණය කරන ලද ඒකාබද්ධ සැලැස්මක් මගින්, අලුත් අවුරුදු සැමරුම් ස්ථාන වෙත සහ ඉන් පිටතට මගීන්ට සුමට සහ ආරක්ෂිත සේවයක් සැලසූ බව RTA තහවුරු කළේය.

Share.

Comments are closed.