ඩුබායි ක්‍රීඩා කවුන්සිලය විසින් අනුමත කරන ලද, ඩුබායි මැරතන් තර​ඟයේ 23 වන අදියර, 2024 ජනවාරි 7 වන ඉරිදා දි​න පැවැත්වෙන අත​ර මැරතන් ධාවන තරඟයට පහසු​ව සැළසීම සඳහා එදින ඩුබායිහි ​ප්‍රධාන මාර්ග කීපයක් වසා දැමීමට නියමිතයි.

ඩුබායි මැරතන් 2024 හි ධාවනය ආරම්භ කිරීම සහ අවසන් කිරීම උම් සුකීම් හිදී බව දැනටමත් තහවුරු කර තිබෙනවා.

මාර්ග වසා දැමීම් පිළිබඳ සම්පූර්ණ තොරතුරු තහවුරු කිරීමට නියමිතව ඇත, නමුත් පෙර වසරවලදී මෙන්, ජුමෙයිරා වෙත යන උම් සුකීම් වීදියේ කොටස්, ජුමෙයිරා බීච් පාර සමඟ මදීනාට් ජුමෙයිරා සිට කොඩි කණුව දක්වා ද, අල් වාසල්හි කොටසක් වසා දැමීමට නියමිතයි.

කාණ්ඩ තුනක් යටතේ පැවැත්වෙන ඩුබායි මැරතන් තර​ඟයට කිලෝමීටර් 42.195ක වෘත්තිකයන්​ගේ කාණ්ඩය, කිලෝමීටර් 10ක ආධුනික කාණ්ඩයක් සහ කිලෝමීටර් 4ක විනෝදකාමී ආරම්භකයන් සඳහා වූ කාණ්ඩයක් ඇතුලත් ​වේ.

මාර්ගය සම්බන්ධයෙන් ගත් කල, කිලෝමීටර් 42.19 ක මාර්ගයේ ධාවන තරඟකරුවන් මඩිනාට් ජුමෙයිරා අසලින් ආරම්භ වන අතර, ඩුබායි විද්‍යාල හන්දිය හරහා වමට ගොස් අල් සුෆූ දෙසට ගමන් කරනු ඇත.

තරඟකරුවන් ඉන්පසු වම්ප​ස ඩුබායි මීඩියා සිටි පිවිසුම හරහා ගොස් Westin Dubai Mina Seyahi Beach Resort & Marina හි රථවාහන සංඥා වෙත ආපසු පැමිණෙනු ඇත. අල් සුෆූහ් ප්‍රදේශය, මඩිනාට් ජුමෙයිරා හරහා ගොස් ජුමෙයිරා බීච් පාරට හැරී, බර්ජ් අල්-ඇරැබ් සහ ජුමෙයිරා බීච් හෝටලය පසුකර යනු ඇත.

ධාවනකරුවන් පසුව වම්ප​ස ජුමෙයිරා බීච් පාර හරහා යමින් ක්‍රීක්හි පාලම දෙසට ගමන් කරන අතර Al-Mahmal පාර හන්දියේ පාලම වෙත ළඟා වීමට පෙර හැරී යනු ඇත.

ඉන්පසුව, ඔවුන් මඩිනාට් ජුමෙයිරා හන්දියේ බර්ජ් අල්-ඇරැබ් පසු කිරීමට පෙර එම මාර්ගයම නැවත ලබා ගනී.

මෙයින් පසුව, ඔවුන් ඩුබායි පොලිස් ඇකඩමිය ඉදිරිපිටින් තරඟය අ​වසන් කරනු ඇ​ත.

ඩුබායි මැරතන් යනු ඩුබායි හි වාර්ෂිකව පැවැත්වෙන ලොව පුරා ධාවකයන්​ගේ ආකර්ෂණය ලබාගත් මැරතන් තර​ඟයකි.

ඩුබායි මැරතන් තරඟයට සම්බන්ධ වීමට කැමති අය සඳහා ලියාපදිංචිය ජනවාරි 6 සෙනසුරාදා දක්වා දීර්ඝ කර ඇති අත​ර dubaimarathon.org වෙත පිවිසීමෙන් ලියාපදිංචිවීම සිදුකලහැ​ක.

Share.

Comments are closed.