සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ(06) පැවැති තරගයට වර්ෂාවෙන් බාධා ඇති විය.
ඒ හේතුවෙන් තරගය අතහරින විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කල සිම්බාබ්වේ කණ්ඩායම පන්දු ඕවර 04කදී කඩුලු 2ක් දැවී ලකුණු 12ක් ලබා සිටියහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එම කඩුලු දෙක ඩිල්ෂාන් මධුශංක දවාගත් අතර ඔහු යැවූ පන්දු ඕවර් දෙකේදීම කිසිදු ලකුණක් ලබාදී නැත.
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග ඊයේ පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 273ක් ලබා ගැනීමට සමත් විය. ඒ කඩුලු 09ක් දැවී සිටියදීය.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමට තරගය ජය ගැනීම සදහා ලකුණු 274 ක ඉලක්කයක් හඹා යාමට සිදුවිය. පන්දුවට පහර දීමේදී කුසල් මෙන්ඩිස් ලකුණු 46ක් ලබා ගත් අතර සදීර සමරවික්‍රම ලකුණු 41ක් ලබා ගත්තේය.
අගනා ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක ලකුණු 101ක් රැස් කරමින් ශතකයක් වාර්තා කලේය.

Share.

Comments are closed.