ඊයේ (08) සවස එමීර් රාජ්‍යයේ සුළු භූ කම්පනයක් වාර්තා වූ බව කාලගුණ විද්‍යා ජාතික මධ්‍යස්ථානය තහවුරු කළේය. රිච්ටර් මාපක 2.8 ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූමිකම්පාව ෆුජයිරා-රාස් අල් කයිමා දේශසීමාවේ පිහිටි කඳුකර ගම්මානයක් වන මසාෆි හි කිලෝමීටර් 3 ක් ගැඹුරින් වාර්තා වී ඇත.

එය සටහන් වූයේ රාත්‍රී 11.03 ටය. කුඩා භූමිකම්පාව “කිසිදු බලපෑමක් නොමැතිව” දැනුණු බව ජාතික කාලගුණ මධ්‍යස්ථානය ( NCM )වාර්තා කලේය. පූර්ව අනතුරු ඇඟවීම් සැපයීම සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා එමීර් රාජ්‍යයේ NCM විසින් භූ කම්පන ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරනු ලැබේ.
රට තුළ භූමිකම්පා දුර්ලභ ය. නමුත් කලාපයේ වෙනත් තැන්වල විශේෂයෙන් ඉරානයේ සිට – භූමිකම්පා සම්බන්ධ කම්පන බහුලව දක්නට ලැබේ.

ජුනි මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය-ඕමාන් දේශසීමාවේ සුළු භූමිකම්පාවක්ද වාර්තා විය.

Share.

Comments are closed.