Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ, IMF හි පැසසුමට.
sri Lankan special

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ, IMF හි පැසසුමට.

kumudikaBy kumudikaJanuary 12, 2024Updated:January 12, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මේ වනවිට ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරමින් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති සැලකිය යුතු ප්‍රගතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක්ව තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මූල්‍ය අරමුදල මෙම කරුණු සඳහන් කලේය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පළමු සමාලෝචන රැස්වීම සාර්ථකව අවසන් කිරීම පිළිබඳ මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් එක් කළ නියෝජිත කණ්ඩායම ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා රජය සිදු කර ඇති අභියෝගාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ ඇගයිමට ලක් කළේය.
තවද ආසියාව තුළ ප්‍රමුඛ ස්ථානයට පත් වෙමින් පාලන විනිශ්චය කිරීමේ වාර්තාව (Governance Diagnostic Report) ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී ඔවුහු සිය ප්‍රසාදය පළ කළහ.

විශේෂයෙන් ප්‍රතිපත්ති නැඹුරු විචල්‍යයන් සහ මූල්‍ය ක්ෂේත්‍රයන්හි ස්ථාවරත්වය කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන මගින් දිරි ගැන්වීමක් ලැබී ඇති බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් මහතා (Peter Breuer) සඳහන් කළේය. 
උද්ධමනය සැලකිය යුතු ලෙස අඩුකර ගැනීම මඟින් ශ්‍රී ලංකාව ලබා ඇති සාර්ථකත්වය පිළිබඳව ද අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී  අවධානය යොමු වූ බවත්, මූල්‍ය ප්‍රතිපත්තියේ සහ වියදම් කපා හැරීමේ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්ති එයට හේතු වු බවද සඳහන් කෙරිණ. මෙරට විදේශ සංචිතවල ඉහළ යාම වැනි ධනාත්මක ප්‍රතිඵල ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිරීක්ෂණය කර තිබුණි.  

2022 වසරේ දෙවන කාර්තුවේදී මාණ්ඩලික මට්ටමේ ගිවිසුමට එළැඹීමෙන් පසු ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්ති වලට අනුව ශ්‍රී ලංකාව විසින් බලාපොරොත්තු සහගත ලෙස ආදායම් ඉහළ නංවාගෙන ඇති බව පසුගියදා පැවති රැස්වීමකදී අනාවරණය විය. එමඟින් ජාත්‍යන්තර ප්‍රජාව, නිල ණය හිමියන් සහ පුද්ගලික ණය හිමියන් සමඟ විශ්වාසය ඉහළ නැංවීමට හේතු වන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම පෙන්වා දුන්හ.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකා ජනපති ලෝක ආර්ථික සමුළුවට පිටත් වෙයි.
Next Article නව රජයේ දිවුරුම් දුන් අමාත්‍යවරුන්ට ජනපතිගෙන් සුබ පැතුම්.
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.