Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»රාජ්‍ය සේවයේ අනවශ්‍ය වියදම් තවදුරටත් කපා හරින්න – භාණ්ඩාගාර ලේකම් ආයතන ප්‍රධානීන්ට උපදෙස් දෙයි.
Sri Lankan news

රාජ්‍ය සේවයේ අනවශ්‍ය වියදම් තවදුරටත් කපා හරින්න – භාණ්ඩාගාර ලේකම් ආයතන ප්‍රධානීන්ට උපදෙස් දෙයි.

kumudikaBy kumudikaJanuary 16, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මෙරට ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන රජයේ ආයතනවල වියදම් තවදුරටත් සීමා කරන ලෙස  භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා රජයේ ප්‍රධානීන්ට චක්‍රලේඛයක් මගින් නැවතත් දැනුම් දී ඇත.
ඒ අනුව අතිකාල දීමනා නිවාඩු දින වැටුප් වෙනත් දීමනා සහ ගමන් වියදම් වෙන්කර ඇති ප්‍රතිපාදන සීමාව තුළ පමණක් වැය කළ යුතු බව දන්වා තිබේ.

විදුලිය, ජලය , දුරකතන සේවා, ඉන්ධන සහ ගිවිසුම් ගත සේවාවන් සඳහා වන වියදම් අවම කිරීම සඳහා වියදම් පාලන ක්‍රමවේද අනුගමනය කළ යුතු බවටත් ලිපි ද්‍රව්‍ය හා අනෙකුත් කාර්යාලගේ අවශ්‍යතා මිලදී ගැනීමේදී දැඩි පාලනයකට යටත් කළ යුතු බවටත් එම චක්‍රලේඛයේ සඳහන් කර ඇත.
නිල වාහන හිමි නිලධාරීන්ට වාහන අනුයුක්ත කිරීමේදී එය සංචිතයේ ඇති වාහන ඇණිය තුළ කළමනාකරණය කරගත යුතු බවද දන්වා ඇත.

පුහුණු වැඩමුළු පැවැත්වීමේදී අධික ලෙස වියදම් දරමින් හෝටල් සම්මන්ත්‍රණ ශාලා භාවිතා නොකළ යුතු අතර රජයේ ආයතන සතු සම්මන්ත්‍රණ ශාලා ඒ සඳහා භාවිතා කළ යුතු බවද දක්වයි.
විදේශීය අනුග්‍රාහක ආයතන පූර්ණ පිරිවැය දරන්නේ නම් මිස විදේශ අධ්‍යයන පුහුණු සාකච්ඡා සම්මන්ත්‍රණ සංචාර සඳහා නිලධාරීන් සම්බන්ධ නොකළ යුතු බවත් විදේශ ණය මගින් ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතිවල අරමුදල් වියදම් ලෙස දරමින් විදේශ සංචාර සඳහා රජයේ නිලධාරින් සහභාගි නොකළ යුතු බවත් චක්‍රලේඛයේ  වැඩිදුරටත් සඳහන් වේ.

විදේශ අරමුදල් භාවිතයෙන් කෙරෙන ව්‍යාපෘතිය යටතේ සැලසුම් කර ඇති හෝ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය තීරණ අනුව කෙරෙන ගොඩනැගිලි ඉදිකිරීම් හැර අනෙකුත් සියලුම නව ගොඩනැගිලි ඉදි කිරීම් ආරම්භ නොකළ යුතු බවත් දැනට ඉදිකිරීම ආරම්භ කර ඇති නමුත් අවසන් කර නොමැති ගොඩනැගිලි සාධනීය මට්ටමක් දක්වා නිම කිරීමට ප්‍රමුඛතාව ලබාදිය යුතු බවත් චක්‍රලේඛයේ සඳහන් වේ. ජාතික උත්සව ලෙස වාර්ෂික ඇස්තමේන්තුවල නිශ්චිතව සඳහන් කර ප්‍රතිපාදන වෙන්කර ඇති කාර්යයන් හැර අනෙකුත් උත්සව සුහද හමු,  ප්‍රදර්ශන, ප්‍රිය සම්භාෂණ විවෘත කිරීම් සම්මන්ත්‍රණ ආදිය වෙනුවෙන් රජයේ අරමුදල් භාවිතා නොකළ යුතු බව එම චක්‍රලේඛය  මගින් උපදෙස් දී ඇත.

භාණ්ඩාගාරයේ පූර්ව අනුමැතිය නොමැතිව රජයේ අවශ්‍යතා සඳහා ගොඩනැගිලි කුලියට ගැනීම නොකළ යුතු අතර රජයට අයත් නමුත් ප්‍රයෝජනයට නොගත් ගොඩනැගිලි ප්‍රශස්ත ලෙස පාවිච්චි කළ යුතු බවද දන්වා ඇත.
දැනට කෙරීගෙන යන ව්‍යාපෘති වැඩවලට අදාළ අතැති හෝ වර්ෂය තුළ නිරවුල් කළ යුතු බිල්පත් සඳහා ගෙවීම් කිරීමට ප්‍රතිපාදන වෙන් කිරීමෙන් තොරව අනෙකුත් කාර්යයන් ආරම්භ නොකළ යුතු බවද එහි සඳහන් වේ.

තවද කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නිසි අනුමැතියකින් තොරව අත්‍යවශ්‍ය තනතුරු පුරප්පාඩු පිරවීම සඳහා හෝ නව බඳවා ගැනීම් නොකළ යුතු බව චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වේ.
භාණ්ඩාගාර ලේකම්වරයා පසුගිය 10 දාතමින් මෙම චක්‍රලේඛය යවා ඇත්තේ සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු සමාගම්වල ප්‍රධානීන් වෙතය.

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමිරාති තරුණ පිරිස විවාහ වීමට දිරි ගැන්වීමේ වැඩසටහනක් පැවැත් වේ.
Next Article විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා , බ්‍රිතාන්‍ය විදේශ ලේකම් සමඟ ගාසා අර්බුදය පිළිබඳ සාකච්ඡාවක.
kumudika

Related Posts

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.