ජාත්‍යන්තර ලීග් T20 දෙවන වාරය (19 ) අද ආරම්භ වීමට නියමිතය.
ලීග් හයකින් යුත් ෆ්‍රැන්චයිස් ලීගය එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා ක්‍රීඩාංගණ තුනක පැවැත්වේ. සියලු සංචිත එක්රැස් කර 2023 ඔක්තෝම්බර් මාසයේ සිට පුහුණුවීම් කර තිබේ. එ අනුව ඔවුන් සියල්ලෝම ශූරතාව සඳහා තරඟ වැදීමට සූදානම්ව සිටිති.

මෙය සුප්‍රසිද්ධ හා උද්වේගකර ක්‍රිකට් ජාත්‍යන්තර තරඟාවලියකි. මෙම ජාත්‍යන්තර ලීග් තරඟාවලිය DP World ILT20 ලෙසද හැඳින්වේ.  Emirates Cricket Board (ECB) ගෝලීය වශයෙන් මෙම තරඟාවලිය සංවිධානය කරනු ඇත. ILT20 තරඟ සඳහා සත්කාරකත්වය සපයනු ලබන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසිනි.
ILT20 2024 දෙවන වාරයේදී තරඟ වදින කණ්ඩායම් හය මෙසේ දැක්වේ.

• AbhuDhabi Knight Riders
• Desert Vipers
• Dubai Capitals
• Gulf Giants
• Mumbai Indian Emirates
• Sharjah Warriors

මෙම කණ්ඩායම් සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝද කීප දෙනෙක් ඇතුලත් වෙති.   ඒ අනුව Abudhabi Knight Riders කණ්ඩායමට චරිත් අසලංක, Desert Vipers කණ්ඩායමට දිනේශ් චන්දිමාල්, Dubai Capitals කණ්ඩායමට දුෂ්මන්ත චමීර, නුවන් තුෂාර හා සදීර සමරවික්‍රම එක් වෙති. MI Emirates  කණ්ඩායම සඳහා කුසල් පෙරේරා ඇතුලත්‍ වේ.

Share.

Comments are closed.