අමෙරිකාවේ ජනපති සටනින් ඉවත්වීමට ජනාධිපති අපේක්ෂක රොන් ඩිසැන්ටිස් තීරණය කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ෆ්ලොරිඩා ආණ්ඩුකාර රොන් ඩිසැන්ටිස් 2024 ජනාධිපතිවරණ තරඟයෙන් ඉවත් වී ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහාය දැක්වීමට තීරණය කර තිබේ.

ඔහු නිව් හැම්ප්ෂයර් හි රිපබ්ලිකන් ප්‍රාථමික මැතිවරණයට පෙර ඉවත් වීමද විශේෂත්වයකි.
ඩිසැන්ටිස් රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රබල තරඟකරුවෙකු ලෙස සලකනු ලැබීය. කෙසේ වෙතත් ඊයේ ඔහු කියා සිටියේ ජයග්‍රහණය සඳහා පැහැදිලි මාවතක් නොමැති බවයි.

මේ අතර ට්‍රම්ප්ගේ පක්ෂයේ ඉතිරිව සිටින අවසන් තරඟකාරිය වන නිකී හේලි පැවසුවේ ඇමරිකා ජනාධිපති ජෝ බයිඩෙන් පරාජය කළ හැකි එකම අපේක්ෂකයා ඇය බවයි.

Share.

Comments are closed.