Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රට විරුවන්ගෙන් ගත වුණු මාස හතර ඇතුලත විදෙස් ප්‍රේෂණ ඩොලර් මිලියන 641 ක්

June 7, 2025

මාර්ග ව්‍යාපෘති වලට වැඩි අවධානයක් දෙන්න – ජනාධිපති කියයි

June 7, 2025

“Daddy Live in Dubai” සම්ප්‍රාප්තිය හෙට

June 6, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 7
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»බැංකු ණය පොලී අනුපාත අඩු කරන්න මහ බැංකු අධිපතිගෙන් නිවේදනයක්
Sri Lankan news

බැංකු ණය පොලී අනුපාත අඩු කරන්න මහ බැංකු අධිපතිගෙන් නිවේදනයක්

kumudikaBy kumudikaJanuary 24, 2024No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මුදල් මණ්ඩලය දිගින් දිගටම ප්‍රතිපත්තිමය වශයෙන් පොලී අනුපාතික පහත දැමීමේ තීරණයන් ගෙන තිබෙන තත්ත්වයක් යටතේ ගනුදෙනුකරුවන් බැංකුවලින් ලබා ගෙන තිබෙන ණය සඳහා අය කරන පොලිය වහාම අඩු විය යුතු බව මහ බැංකු අධිපති සඳහන් කරයි. එසේ බැංකු පොලී අනුපාත පහත දමන්නේ නැති ආයතනවලින් දැනටමත් මහ බැංකුව විසින් නිදහසට කරුණු විමසා ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. ඉදිරියේදී ලබා ගන්නා ණය පහසුකම්වල පමණක් නොව දැනට ලබාගෙන ඇති ණය පහසුකම්වලද පොලී අනුපාත අඩු කිරීමට බැංකුවලට සිදුවනු ඇතැයි මහ බැංකුවේ අධිපතිවරයා සඳහන් කර සිටියේය. කොළඹ කොටුව ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ ඊයේ (23) පැවැති මුදල් ප්‍රතිපත්ති දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අධිපතිවරයා මේ බව පැවසීය.

මේ වන විට පෞද්ගලික අංශය විසින් බැංකුවලින් ලබා ගන්නා ණය ප්‍රමාණය ඉහළ ගොස් ඇත. පසුගිය වසරේ මුල් හා දෙවැනි කාර්තුව ආර්ථික වර්ධනය සෘණ අගයක් ගත්තද වසර අවසන් කාර්තු දෙකෙහි ධන අගයක් ගෙන තිබීම සතුටුදායක තත්ත්වයක් බවද අධිපතිවරයා කීය.

මේ වසරේ ආර්ථික වර්ධන වේගය ධන අගයක් ගනු ඇතැයිද අධිපතිවරයා අපේක්ෂා කල අතර පෞද්ගලික අංශයේ ණය ලබා ගැනීම් ඉහළ යෑම පෙන්නුම් කරන්නේ ආර්ථිකයේ පිබිදීමකට මුල පිරීමක් ලෙසය. ඒ අනුව නව කෘෂි කර්මාන්ත හා සේවාවල වර්ධනයක් සිදුවනු ඇත. මෙම ණය පහසුකම් ලබා ගැනීමේදී ඉදිරියේදී පොලී අනුපාත අඩුකෙරෙනු ලැබේ. දැනට ලබාගෙන ඇති ණය සඳහා වන ඉහළ පොලී අනුපාතද නුදුරේදී පහත හෙළීමට බැංකු පද්ධතිය කටයුතු කරනු ඇතැයි මහ බැංකු අධිපතිවරයා අපේක්ෂා කරයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය පෙරේදා (22) පැවති රැස්වීමේදී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් සියයට 9.00 සහ සියයට 10.00 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ.

ආර්ථිකයට එහි විභව නිමැවුම් මට්ටම කරා ළඟා වීමට සහාය වෙමින්, මැදි කාලීනව උද්ධමනය ඉලක්කගත සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යෑම සඳහා දේශීය හා ගෝලීය සාර්ව ආර්ථික ප්‍රවණතා පිළිබඳ මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි.

නුදුරු කාලීනව උද්ධමනය ඉහළ යෑම සඳහා පීඩන ඇති කළ හැකි බදුකරණයේ සහ සැපයුම් අංශයේ සාධකවල මෑත කාලීන ප්‍රවණතාවන්හි බලපෑම පිළිබඳව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අවධානය යොමු කර ඇති බව ද මහ බැංකු අධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. මෑත කාලීන ප්‍රවණතාවල බලපෑම මඟින් මැදි කාලීන උද්ධමන ඉදිරි දැක්මෙහි සැලකිය යුතු වෙනස්කමක් සිදු නොවනු ඇතැයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ අදහස විය.

පෙර ක්‍රියාත්මක කරනු ලැබූ මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ග මෙන්ම රජයේ සුරැකුම්පත් හා සම්බන්ධ අවදානම් අධි මිල පහළ යෑම හේතුවෙන් වෙළෙඳපොළ ණය පොලී අනුපාතික තවදුරටත් අඩු වීම සඳහා ඇති අවකාශය පිළිබඳ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අවධානය යොමු කර ඇති බවද මහ බැංකු අධිපතිවරයා පැවසීය. වෙළෙඳපොළ ණය පොලී අනුපාතික තවදුරටත් අඩු කිරීම මඟින් අපේක්ෂිත ප්‍රතිලාභ මූල්‍ය ආයතන විසින් ව්‍යාපාර හා පුද්ගලයන් වෙත ප්‍රමාණවත් ලෙස හා කඩිනමින් ලබා දිය යුතු බව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අවධාරණය කළේය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිනී, නියෝජ්‍ය අධිපති, ආර්ථික පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ඇතුළු උසස් නිලධාරීහු සහභාගි වී සිටියහ.

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් රාජ්‍යය, අබුඩාබි Umex ප්‍රදර්ශනයේ පලමු දිනයේදී ඩොලර් බිලියන 1 කට ආසන්න ගනුදෙනු සඳහා එකඟතාවකට
Next Article ILT 20 –  2024 ක්‍රිකට් වසන්තය උදා වෙයි
kumudika

Related Posts

රට විරුවන්ගෙන් ගත වුණු මාස හතර ඇතුලත විදෙස් ප්‍රේෂණ ඩොලර් මිලියන 641 ක්

June 7, 2025

මාර්ග ව්‍යාපෘති වලට වැඩි අවධානයක් දෙන්න – ජනාධිපති කියයි

June 7, 2025

“Daddy Live in Dubai” සම්ප්‍රාප්තිය හෙට

June 6, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.