එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වාර්ෂිකව පවත්වන ILT 20 – 2024 ක්‍රිකට් තරඟාවලිය පසුගිය (19) දා ආරම්භ විය. මෙම තරඟාවලිය සඳහා ජාත්‍යන්තර පිටියේ විදේශීය ක්‍රීඩකයන් සමඟ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ද මෙවර සහභාගී වේ. ඒ අනුව,
චරිත් අසලංක ( Abudhabi Night Riders ),  දිනේශ් චන්දිමාල් , වනිඳු හසරංග, මතීශ පතිරණ ( Desert Vipers ), දසුන් ශානක , දුෂ්මන්ත චමීර, නුවන් තුෂාර, සදීර සමරවික්‍රම ( Dubai Capitals ) , කුසල් පෙරේරා, දිල්ෂාන් මදුශංක ( MI Emirates ) , කුසල් මෙන්ඩිස්, මහේශ් තීක්ශණ (sarjah worriors ) යන කණ්ඩායම් සඳහා තරඟ වදිති.

2023 වසරේදී මෙන්ම මෙවරද එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ක්‍රීකට් ලෝලීන්ට අපටම ආවේණික පපරේ සංගීතය සමඟින් පවුලේ සාමාජිකයින්, මිතුරු මිතුරියන් සමඟ මුසු වෙමින් ක්‍රිකට් තරඟාවලිය නැරඹීමට අවස්ථාව සලසා දී තිබේ. ශ්‍රී ලාංකික අපි වෙනුවෙන් අපි – පපරේ ගැන්සිය විසින් මෙම විනෝදකාමී අත්දැකීම ශ්‍රී ලාංකිකයන්ට තිළිණ කරනු ලැබේ.

ප්‍රවේශපත් නොමිලේ ලබා ගත හැකි අතර ඒ සඳහා පහත දුරකථන අංක ඇමතීමට හැකිය.
Jude –         0565 959 899
Sameera –  0561 258 599
Samith –     0582  337 476
Tharaka –   0504  403 541
Nalin      –   0523  807  756
Dimantha- 0552  977  640

Share.

Comments are closed.