Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 7
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»76 වන නිදහස් උළෙලට සියල්ල සූදානම්
Sri Lankan news

76 වන නිදහස් උළෙලට සියල්ල සූදානම්

kumudikaBy kumudikaFebruary 1, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මෙවර 76 වන ජාතික නිදහස් දින සැමරුම “හදමු අලුත් රටක්” තේමා පාඨය යටතේ අභිමානවත්ව ගාලුමුවදොර පිටියේදී පැවැත්වීමට මේ වන විට කටයුතු සියල්ල සූදානම් කර තිබේ.

ජාතික නිදහස් උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ශේතා තාවිසින් (Srettha Thavisin) මහතා මෙවර එක් වීමට නියමිතය. ජාතික නිදහස් දින සම්භාවනීය ආරාධිතයාගේ සම්ප්‍රාප්තියත් සමඟ අභිමානවත් ජාතික නිදහස් උලෙළ ආරම්භ වේ.
ඒ අනුව ජාතික නිදහස් දින (04) ජනාධිපති කාර්යාලයීය නිලධාරින්ගේ සහභාගිත්වයෙන්, ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පිහිටුවා ඇති නිදහස් සටනේ ජාතික විරු ප්‍රතිමා අබියස පුෂ්පෝපහාර පිරිනැමීම උදෑසන 6.30ට සිදු කෙරේ.

ජාතික නිදහස් දින උලෙළේ මඟුල් බෙර වාදනය හා සක් පිඹීම සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නර්තන කණ්ඩායමේ ශිල්පීන් විසින් සිදු කරනු ලබයි.
ජාතික ගීය ගායනා කිරීම කොළඹ ආරක්ෂක සේවා විදුහල, තර්ස්ටන් විදුහල සහ මහානාම විදුහල, මුස්ලිම් කාන්තා විදුහල, රාජකීය විදුහල, රාමනාදන් හින්දු විදුහල, සහිරා විදුහල, සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහා විදුහල, සාන්ත අන්තෝනි බාලිකා විදුහල, සාන්ත පීතර විදුහල, හින්දු විදුහල යන විදුහල්වල සිසු සිසුවියෝ 100 දෙනකු විසින් සිදු කරනු ලබති. එහි සංගීතය මෙහෙයවීම සිදු කරන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ පෙරදිග වාද්‍ය වෘන්දය විසිනි.

ජයමංගල ගාථා සහ දේවෝ වස්සතු කාලේන ගාථාව ගායනා කිරීම සිදු කරන්නේ කොළඹ දේවි බාලිකා විද්‍යාලය, විශාකා විද්‍යාලය, සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල යන විදුහල්වල සිසුවියන් 25 දෙනකු විසින් වන අතර ශ්‍රී ලංකා නාවික හමුදාවේ පෙරදිග වාද්‍ය වෘන්දය ඊට සංගීතය මෙහෙයවයි.

මෙවර ආචාර පෙළපාළිය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයන් 3042ක්, සන්නද්ධ රථ 77ක්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාමාජිකයන් 917ක්, සන්නද්ධ රථ 7ක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයන් 605ක් සන්නද්ධ රථ 27ක්, ශ්‍රී ලංකා පොලිසියේ සාමාජිකයන් 299ක්, ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයන් 209ක්, සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයන් 379ක්, ජාතික ශිෂ්‍යභට බළකායේ සාමාජිකයන් 500ක්, විශ්‍රාමික නිලධාරින් 22ක්, ආබාධිත නිලධාරීන් 29කින් සමන්විත වේ.

ජාතික නිදහස් දිනය නිමිත්තෙන් පෙරේදා (30) සිට ජාතික නිදහස් දින උත්සවය හා එහි පෙරහුරු පැවැත්වෙන දිනයන්හිදී කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසයි. ඒ අනුව පෙරහුරු පැවැත්වෙන දිනවල පෙරවරු 6 සිට දහවල් 12 දක්වා සහ නිදහස් සැමරුම වෙනුවෙන් 03 වැනිදා පස්වරු 2 සිට 04 වැනිදා නිදහස් සැමරුම අවසන් වනතුරුත් මෙම රථ වාහන සැලසුම ක්‍රියාත්මක වන බව පොලිසිය සඳහන් කරයි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි හි විදුලි ගිණුම් 2023 වසර අවසානයේදී ගිණුම් 1,173,631 දක්වා ඉහලට
Next Article ලංකාවෙත් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනයක් 
kumudika

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.