භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරන ප්‍රමාණයටත් වඩා අධි ඉල්ලුමක් වාර්තා වී තිබේ.
ඒ අනුව මේ වසරේ ජනවාරි මස අවසන් දින පවත්වනු ලැබූ රුපියල් මිලියන 40,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුතුව සඳහා රුපියල් මිලියන දෙලක්ෂය ඉක්මවූ අධි ඉල්ලුමක් පැවති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
භාණ්ඩාගාර බිල්පත් සඳහා ගෙවන සාමාන්‍ය ඵලදා අනුපාතිකය වන 11.97%, 12.20% සහ 12% යටතේ මේ භාණ්ඩාගාර බිල්පත් භාර ගැනීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත.
රුපියල් මිලියන 40,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට LKA09124E033, LKA18224H025 සහ LKA36425A310 යන සුරැකුම් හඳුනා ගැනීමේ ජාත්‍යන්තර අංක දරන භාණ්ඩාගාර බිල්පත් ඉදිරිපත් කළ බවද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලේය.