Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රි ලාංකික දරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීම පිළිබඳ යුනිසෙෆ් සතුට පල කරයි
Sri Lankan news

ශ්‍රි ලාංකික දරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීම පිළිබඳ යුනිසෙෆ් සතුට පල කරයි

kumudikaBy kumudikaFebruary 8, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සියලු ශ්‍රී ලාංකික දරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමට සහ සුභ සාධනය සඳහා වැදගත් පියවරක් සනිටුහන් කරමින් මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ළමයින් සහ තරුණ තැනැත්තන් සම්බන්ධ පනතට එකතු කරන ලද නව සංශෝධන සාදරයෙන් පිළිගන්නා බවත් මෙය දීර්ඝ කාලයක සිට අපේක්ෂා කරන ලද පියවරක් බවත් යුනිසෙෆ් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

ළමයින් සහ තරුණ තැනැත්තන් පනත 1939 වසරේ සිට ළමයින් සඳහා යුක්තිය පසිඳලීමට භාවිත කරනු ලබන ආඥා පනත වේ. මෙම පනත මගින් මීට පෙර ආවරණය කරනු ලැබුවේ වයස අවුරුදු 16 දක්වා දරුවන් පමණකි.නව සංශෝධන මගින් එම වයස අවුරුදු 18 දක්වා වැඩි කර ඇති බවත් ගුරුවරුන්, භාරකරුවන් සහ දෙමාපියන් විසින් ළමයින්ට සහ නව යෞවන වියේ පසුවන දරුවන්ට ශාරීරික දඬුවම් භාවිත කිරීම පිළිගෙන තිබූ වගන්තියද ඉවත් කර ඇති බවත් යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කළේය.

නව සංශෝධන ක්‍රියාත්මක වීම තුළින් ළමා අයිතිවාසිකම් පිළිබඳ ශ්‍රී ලංකාවේ නීති ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව, විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට අනුකූලව පවත්වාගෙන යාමට දායක වන බව යුනිසෙෆ් සංවිධානය පෙන්වා දුන්නේය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleපකිස්තානයේ බෝම්බ පිපුරුමක්
Next Article එමීර් රාජ්‍යය එමිරාතිකරණ ඉලක්ක සැපිරීමට තවත් උපාධිධාරීන් පිරිසක් ගුරු සේවයට බඳවා ගනී
kumudika

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.