Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 7
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඇමරිකාවේ උප ලේකම් ලිෂ් ඇලන් ශ්‍රී ලංකාවට
Sri Lankan news

ඇමරිකාවේ උප ලේකම් ලිෂ් ඇලන් ශ්‍රී ලංකාවට

kumudikaBy kumudikaFebruary 19, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකා හා අමෙරිකා සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් නිල සංචාරයක් සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍යත්‍රාන්ත්‍රික කටයුතු පිළිබඳ උප ලේකම් ලිෂ් ඇලන් මහත්මිය ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

‘ගෝලීය මාධ්‍ය අවකාශය සහ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි එහි බලපෑම’ යන මාතෘකාව යටතේ, ඇලන් මහත්මිය කොළඹ දී විශේෂ දේශනයක් පවත්වනු ඇති අතර, එය ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරයි. ඊයේ (18) ඇලන් මහත්මිය මෙරටට පැමිණියේ ජෝර්දානයේ කළ සංචාරයකින් පසුව වන අතර ඇය උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ මෙරට අමෙරිකන් තානාපතිනී ජූලී චංග් මහත්මිය විසිනි.

ශ්‍රී ලංකාවට අමතරව ඒ මහත්මිය ජෝර්දානයේ සහ ඉන්දියාවේ ද සංචාරය කරන අතරතුර ශ්‍රී ලංකාවට පැමිණි බව ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි. ඒ අනුව උප ලේකම්වරිය පසුගිය 12 දා සිට එළඹෙන 22 දක්වා ජෝර්දානය, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන රටවල සංචාරයක නිරත වන බව එම තානාපති කාර්යාලය පෙන්වා දෙයි.

හවුල්කාරිත්වයන් සහ සන්ධාන ශක්තිමත් කිරීම මෙන්ම පුළුල් කිරීම සඳහා එක්සත් ජනපදයේ කැපවීම ඇයගේ මෙම සංචාරය මඟින් පෙන්වාදෙන අතර ඊට අමතරව එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය සහ මහජන රාජ්‍යතාන්ත්‍රික මුලපිරීම්වල හරය, ප්‍රකාශනයේ නිදහස, ආර්ථික සවිබල ගැන්වීම සහ ගෝලීය සහයෝගීතාව පෝෂණය කරන බව ද කියා සිටී. ඇයගේ සංචාරයේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා සහ නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් ප්‍රවර්ධනය කිරීම සඳහා එක්සත් ජනපදයේ සහාය යළි තහවුරු කිරීම ද සිදුකරයි.

මෙරට සංචාරය කරන අතරතුර එක්සත් ජනපද රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳ උප ලේකම්වරිය පාර්ශ්ව රැසක් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව ද ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleසාජා සමාජ සේවා මධ්‍යස්ථානය නව මූලස්ථානයකට
Next Article 2023 වසරෙ මිලියන 1.92 ක්  වූ යතුරු පැදි කරුවන් පොදු ප්‍රවාහන සේවා භාවිත කරයි
kumudika

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.