එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා පැසිෆික් කලාපීය සමුළුවේ සමාරම්භක සැසිවාරය ජනාධිපති රනිල් වික්‍රම සිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්වේ.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය Qu Dongyu මහතා සහ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු ආරාධිතයෝ රැසක්ද මේ අවස්ථාවට සහභාගි වෙති.
ලබන 22 දක්වා පැවැත්වෙන මෙම සමුළුවට ආසියා පැසිෆික් කලාපයේ රටවල් 44ක නියෝජිතයන් සහභාගි වන අතර, ඉන් රටවල් 27ක කෘෂිකර්ම අමාත්‍යවරුන් නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම නිලධාරින් ද ඇතුළුව 300කට අධික පිරිසක් සහභාගි වීමට නියමිතය.
මෙම 37 වැනි ආසියා පැසිෆික් සමුළුවේ දී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා රටවල් කිහිපයක කෘෂිකර්ම අමාත්‍යවරුන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා ඇරඹීමට නියමිතය. කොවිඩ් 19 වසංගත තත්ත්වය හා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් පසු මෙරටට වැඩිම රාජ්‍ය නියෝජිතයින් පිරිසක් එක්වර සහභාගි වන එකම සමුළුව මෙය වේ.