ප්‍රංශයේ අනන්‍යතාවය වන, ලෝ ප්‍රකට සංචාරක ආකර්ශණය සහිත අයිෆල් කුලුන යළිත් වරක් වසා දමා ඇතැයි ප්‍රංශ මාධ්‍ය පවසයි.

අයිෆල් කුලුන වසා දැමීමට බලධාරීන්ට සිදුවී ඇත්තේ මූල්‍ය ගැටලු මුල් කර ගනිමින් එහි සේවකයන් විරෝධතා දැක්වීමත් සමඟය. සේවක සංගම් පවසා ඇත්තේ අද (21) දිනය පුරාවටත් අයිෆල් කුලුන නරඹන්නන්ට විවෘත නොවනු ඇති බවය.
අයිෆල් කුලුනේ සේවක සේවිකාවන් ඔවුන්ගේ විරෝධතාව ආරම්භ කළේ ඊයේ (20) දිනයේදීය. මීට පෙර ද අවස්ථා කීපයකදී සේවක ඉල්ලීම් හේතුවෙන් අයිෆල් කුලුන වසා දැමීමට බලධාරීන්ට සිදුවුණු බව ද පැවැසෙයි.

Share.

Comments are closed.